
ඇමෙරිකන් හමුදා ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් හිටිහැටියේ විශ්‍රාම ගිය බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඇමෙරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ පෙන්ටගනය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි.
රැන්ඩි ජෝර්ජ් දශක ගණනක් ඇමෙරිකා හමුදා ප්‍රධානියකු ලෙස කටයුගු කළ අයෙකි. ඇමෙරිකා ඉරාන යුද්ධය මුල්කොට ගනිමින් රැන්ඩි ජෝර්ජ් සහ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සිත් අතරේ පසුගිය දිනවල මත ගැටුම් පැවැති බවත්, එම මත ගැටුම් හේතුවෙන් හෙග්සිත්, රැන්ඩි ජෝර්ජ් ධුරයෙන් නෙරපා හැරීයේ යැයි ද පැවැසෙයි.
රැන්ඩි ජෝර්ජ් ට අමතරව ඇමෙරිකා හමුදාවේ තවත් ප්‍රධානී දෙදෙනකු වන ජනරාල් ඩේවිඩ් හොඩ්නී සහ මේජර් ජනරාල් විලියම් ග්‍රීන් ජූනියර් ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර ඇතැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම ගියේ නෑ. ධුරයෙන් අස්කෙරුවා. හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරීමට හොදම අවස්ථාව...
ට්‍රම්ප්ගේ විනාශකාරී පිස්සු වැඩ වලට විරුද්ධ වන නිලධාරීන් එලවල දමනවා. රාජපක්ෂ කාලේ ලංකාවේ සිදුවුණු දේවල් අද ඇමරිකාවේ සිදු වෙනවා. එක පවුලක් එකතුවෙලා ඇමරිකාව පමණක් නොවේ මුළු ලෝකෙම කනවා.