
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ යෙදුණු භික්ෂූන්වහන්සේගේ සහභාගිත්වයෙන් මෙරටදී ‘Walk for Peace Program in Sri Lanka’ නමින් පැවැත්වීමට නියමිත සාම පාගමනට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම ‘Walk for Peace Program in Sri Lanka’ සාම පාගමන වෙනුවෙන් ඇමරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පඤ්ඤාකර හිමි ප්රමුඛ භික්ෂූන්වහන්සේ දොළොස් නමක් මේ මස 21වන දා මෙරටට වැඩම කිරීමට නියමිත අතර, අප්‍රේල් 22වන දා සිට අප්‍රේල් 28 වන දා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්රමුඛ පිරිස මෙම සාම පාගමනෙහි නිරත වනු ඇත.
අප්‍රේල් 21වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මෙම සාම පාගමනේ කටයුතු ආරම්භ කෙරෙන අතර අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක්ද මෙම සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.
එමෙන්ම, ඓතිහාසික රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ජනතාව වෙත සාමයේ පණිවිඩය ලබා දීම සිදු කෙරේ.
අප්‍රේල් 22වන දා උදෑසන සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව නැවත දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන සාම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
සාම පාගමනේ නිමාව සනිටුහන් කරමින් එහි වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත භාර දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම පාගමන අනුරාධපුරයේ සිට දකුණට එන එක හොදයි. උතුරට ගියොත් වෛරය වැපිරෙන්න පුළුවන්...
පඤ්ඤාකර ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් අමෙරිකාවේදී සිදුකළ මුල් සාම පාගමනට ලොවපුරා මාධ්‍යයන් මඟින් විශාල ප්‍රචාරයක් ලබාදුන්නා. ඒ වගේ වැඩක් ඇමෙරිකාවේදී ඊට පෙර සිදුවී නොතිබීම නිසයි ඒ ගැන එතරම් උනන්දුවක් සහ කුතුහලයක් ඇමෙරිකාවේ පොදු ජනතාව අතර ඇතිවුනේ. අපේ රටේදීත් මේ සාම පා ගමන ඇඟිලි ගැසීමකින් තොරව සිදුවුණොත් ඒ ගැන ලොව වටා හොඳ ප්‍රතිචාරයක් ලැබේවි. මේ වැඩසටහනේ මුලිකත්වය දරන තායිලන්ත ජාතික පූජ්‍ය පඤ්ඤාකර සවාමින්වහන්සේගේ ගුරුහාමුදුරුවෝ ඇමෙරිකාවේ වැඩවාසය කරන ශ්‍රීලාංකික භික්ෂුන්වහන්සේ නමක් වීමද විශේෂයි.
මෙම භික්ෂූන් වහන්සේලා ඇමරිකාවේ ටෙක්සාස් නහරයේ සිට වොශින්ටන් නගරය දක්වා කළ පා ගමන ආගම් බේද නොසලකා දහස් ගණනින් කුඩා දරු පැටවුන්, වයසක අය සහ ආබාධිත අයත් සමග වැල නොකැඩී දෝතින් මල් අරගෙන, පැමිණි ජනතාවට දේශගුණ වෙනස්වීම් වලට මුහුණ දෙමින් කළ මිනිසාට බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම පණිවිඩය දෙන්නටයි. උන්වහන්සේලා දුන් සරලම පණිවිඩය නම් " අද තමා මාගේ සාමකාමී දිනයයි" Today is my Peaceful Say" යන්න දිනපතා සිහිපත් කිරීමයි. කරුණාකර රජය සහ මේ කටයුත්තට උදව් කරන අය පහත කරුණු පිළිබදව විශේෂ සැලකිල්ලක් දක්වන්න මෙදින පවතින අධික රස්නය, ඉන්ධන හිගය, සෞඛ්‍ය පහසුකම්, අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, මදුරු සහ සතුන් සර්පයන්ගෙන් ඇතිවන උවදුරු, , සහ විශේශ ආරක්ශාව. මේ දිනවල ලෝකයේ පැවතෙන අනාරක්ශිත තත්වය නිසා ගුවන් ගමන් අපහසු කම් විශේශයෙන්ම උන්වහන්සේලාට පාඩුවේ එම කර්තව්‍ය කරගෙන යාමට ඉඩදීම . බුදුන් වහන්සේත් උන්වහන්සේ ජීවතුන් අතර වැඩ වසන කල භික්ශූන් වහන්සේලා පිරිවරාගෙන යොදුන්ගනන් පාද චාරිකාවේ යෙදෙමින් මිනිසාගේ යහපත සංදහා කටයුතු කල බව අපි අසා තිබෙනවානේ. මෙම ගමන සාර්තක වේවා...
බල්ලෙකුත් සෙට් කර ගන්න ඇවිදින්න. බලු වටයක්ම ගනිමු. ගමෙන් ගමට බලු වට එකතු වෙන්න සැට් කරමු. ඇමරිකාවේදිත් මාකට් කලේ එහෙමයි.
මෙය කළ යුත්තේ රජයේ අනුග්‍රහයකින් තොරව ඇමෙරිකාවේ කළා වගේ. දේශපාලනය මේකට ගාව ගන්න එපා...
මේ සාම පා ගමන සෑම දිස්ත්‍රික්කයකම ආවරණය වන විදිහට කරන්න පුළුවන් නම් ඉතා වටිනවා.