
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් විධායක නියෝගයකට අත්සන් තැබීය.
ඉංග්‍රීසි ඇමෙරිකාවේ නිල භාෂාව මෙන්ම රාජ්‍ය භාෂාව බවට පත් කිරීමේ අරමුණ වන්නේ, සන්නිවේදන විධිමත් කිරීම, ජාතික වටිනාකමක් එක් කිරීම සහ කාර්යක්ෂම සමාජයක් ගොඩ නැංවීම යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
මේ වනවිටත් ඇමෙරිකාවේ ජනපද 30 කට වැඩි ගණනක නිල භාෂාව ලෙස පිළිගැනෙන්නේ ද ඉංග්‍රීසිය.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකාවේ නිල භාෂාව ඉංග්‍රීසි
pj Monday, 03 March 2025 03:24 PM
ස්පාඤ්ඤ භාෂාව කතා කරන්නන්ට කරන බලවත් පහරක්... 56 දි සිංහළ රාජ්‍ය බස කිරිම කෙළවර වුයේ රටට සිදු වු තිස් අවුරැදු විනාශයකින්...
මැක්ස් Monday, 03 March 2025 05:51 PM
පරිගණක යතුරු පුවරුවේ හෝ ස්මාට් දුරකතනයේ අකුරු කොටන්නට හැකි වූ පමණින් හෝ කොටන්නන් වාලේ කොටමින් තමන්ගේ නොදැනුවත්භාවය පෙන්වනවාට වඩා පොතපත කියවා ඉතිහාසය නිවැරදිව උගෙන ඇවිත් අදහස් පල කලොත් නරක ද? දෙමළ ජාතිවාදීන් වැඩ ඇල්ලුවේ සිංහල රජ බස වීමට බොහෝ කලින් බව එවිට වැටහේවි.
ගුණරත්නMonday, 03 March 2025 06:11 PM
යුද්ධයට වඩා විනාසය ළමයි මැට්ටෝ වුනා, මැට්ටන් අවුරුදු 13ක් ඉංග්‍රිසි ඉගෙනගන්නවා, එත් වචන දහයක් කතා කරන්න බැහැ. රටේ ඉහළම නායක පෙලන්තියත් ඔය වගේම මැට්ටෝ තමයි.
Asela Monday, 03 March 2025 05:11 PM
එදා සහ අද, බොහෝ දුක්ඛිත සිංහල නායකයින් සහ සමහර ජෙවිපි/ යුඑන්පි ශෝචනීය ව්‍යාජ දේශප්‍රේමීන් ඒ කාලයේ බණ්ඩාරනායක විසින් සිංහල පමණක් පනත හඳුන්වාදීම විවේචනය කළහ. ලංකාවේ ජනගහනය 75% ක් වූ විට, නිවැරදි මනසක් ඇති කිසිවෙකු ඉංග්‍රීසි නිල භාෂාව බවට පත් කිරීමට යෝජනා කරයිද? ලොව පුරා අධ්‍යාපනඥයා එම උපභාෂාව මව් බසින් ඉගෙන ගන්නේ නම් සාර්ථක වන බව පිළිගත්තේය.
රුවන් Monday, 03 March 2025 06:03 PM
ඇමරිකාවේ 22% ස්පාඤ්ඤ කතා කරන අය ඉන්නේ (මෙක්සිකෝවේ කොටස් ඇමරිකාව ආක්‍රමණ කරන්න කලින් ඇමරිකාවේ දකුණු ප්‍රදේශ ෆ්ලොරිඩාව ඇතුළත්ව ස්පාඤ්ඤය මිනිස්සු හිටිය ප්‍රදේශ) සමහර විට ලංකාවේ බණ්ඩාරනායක (ඇත්තටම බණ්ඩාරනායක පරම්පරාව තමිල්නාඩු ප්‍රාන්තයේ ඉදන් සංක්‍රමණ වු පවුලක්) වගේ රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ආරම්භක පුරුක ට්‍රම්ප් ආරම්භ කරනවා.
pakeer Monday, 03 March 2025 08:19 PM
අහක යන නයෙක් රෙද්ද අස්සේ දා ගැනීමක්
chandima Tuesday, 04 March 2025 02:04 AM
ට්‍රම්ප්ගේ නිල කාලය ඉවර වෙන්නට පෙර ඇමරිකාව ආයෙත් ඇමෙරිකාවක් කරලා තමයි නතර වෙන්නේ රටට ආදරේ ඇති නායකයෙක්
prasanna Thursday, 06 March 2025 02:24 PM
අපි හිතාගෙන හිටියේ හිබ්රූ කියලා