
(යොහාන් භාසුර)
බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (17) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හෝමාගම ආසනයේ ජනහමුවකට සහභාගි වෙමින් එසේ පැවසීය.
ප්‍රබල ඇමතිවරයෙක් ඇතුළු හිටපු අමාත්‍යවරු රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65000 කට වැඩි මුදලක් පොලු තියා ඇති බවත් ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් ඒ මහතා කීය.
ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරමින් බදු අය කර ඉදිරියේදී තවත් බදු වර්ග දෙකක් ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්න රටේ නම් මෙහෙම දේවල් කියලා දන්නෑ වගේ ඊළඟ දවසේ ඉඳන් ඉන්න බෑ. එක්කෝ මේ කියන විදිහට මහජන සල්ලි අරන් තිබේ නම් ඔවුන්ට බරපතල ප්‍රශ්න එනවා. එහෙම නැත්තම් බොරු කිව්වා කියලා කියපු කෙනාට උත්තර බඳින්න වෙනවා. සමාජයක් දියුණු යයි කියන්නේ ඇයි කියලා අත් දැකීමෙන් දැන් දන්නවා. ලංකාවේ ඇතුළේ ඉන්නකොට මේක තේරෙන්නේ නෑ. මේවා කියන්නත් කැමැති නෑ. ගොඩාක් ලංකාවේ අයට තරහ යනවා.
මෙහෙව් අය නේද තවපාරක් බලේ ඉන්න ඉල්ලන්නේ... මොවුන්ට ලැජ්ජාවක් නැතිද? රටේ මිනිස්සුන්ගේ මුදල් කොල්ලකන්න මොවුන්ට සාප වෙන්න ඕනේ මේ කරන ජරා වැඩවලට...
ඒ නම් හෙලි කරන්න...
ඔය සෙට් එකම තමයි ආයෙත් බලය ඉල්ලන්නේ අපිට විතරයි. රට හදන්න පුළුවන් කියලා.
ඕවා ගෙවන්න තමයි අපිට බදු පිට බදු ගහන්නේ..., හොරකම් කරන කට්ටිය චූන් එකේ ඉන්නවා.
මෙහෙම කියන මෙතුමාත් මේ ළඟදී රාජපක්ෂලා හමු වුණා නේද?
ඒකට ගැටළුවක් නැහැ.. ඒකත් අපෙන්ම අය කරගන්න.
අර කොටින්ට සල්ලි දීපු කෙනාත් තවම ඉන්නවා නේද ඔතැන..?
ඒ ගොල්ල මොකටද ඔච්චර බැංකු වලින් සල්ලි ගත්තෙ අරන් මොනවද කලේ ? අර රතු කට්ටිය මේව ගැන දන්නෙ නැතිද. නැත්නං දන්නෙ නෑ වාගෙ ඉන්නවද ? රට ගැන හිතනව නං මෙන්න වැඩ. මේවා ගෙ ප්‍රශ්නවලදි දේශපාලන වාසි ගන්නෙ නැතුව විපක්ෂෙ ඔක්කොම එකතු වෙලා මේ හොරු අල්ලල දුන්න නං අපිට සතුටුයි. අන්න නියම දේශප්‍රෙමියො. නියම අරගල කාරයො.
ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ වෙනුවෙන් රණ්ඩු කරනවා වගේ හැබැයි අපි ඔක්කොම යාළුවෝ. ඒ වගේ තමයි මෙගොල්ලෝ ඡන්දේ ගන්න විතරයි තරහා නැත්තං ඔක්කොම යාළුවෝ මල්ලී
ලංකාවේ බත්කන හරක් ඉන්න තාක්කල් 226 ම දිව්‍යලෝක සැප මෙලොවදීම විඳලා යන්න ආපු කට්ටිය ...
මෙහෙමයි වෙන්නේ. මෙයා දැන් කියනවා මේ කතාව. අපි හිතමු ඊළඟ සැරේ මේගොල්ලෝ බලයට ආවා කියලා. එතකොට තමයි පෙන්නේ මේ හොරකම් කල පිරිස සමග තමන්ගේ පක්ෂේ නායකයා එක්කත් ගනු දෙනු හිතවත් කම් තියෙන බව. ඊට පස්සේ නායකයා මෙයාට කියනවා ''අයිසේ මේ මිනිස්සු චන්දෙදි අපිටත් උදව් කරලා තියෙනවා එක හින්දා ඔන්න ඔය සද්ද නැතුව ඉන්නවා, පුළුවන් නම් අපිත් මොන ක්‍රමේට හරි අහු නොවෙන්න කියක් හරි ගහ ගමු, වලේ යන එකා එකෙන්ම එපැය කන්න, වෙන වැඩක් බලා ගන්නවා අයිසේ" කියලා තරමක තග පාරක් දානවා. ඊට පස්සේ වටේ ඉන්න අනිත් කට්ටියත් කියනවා " ඔවු ඔවු ඔවු මෙයා මේ ඕනි නැති කෙහෙම්මල් කරන්න ගිහින් අපිටත් මේ කියක් හරි හොයා ගන්න තියෙන චාන්ස් නැති වෙනවා " කියලා. ඔන්න ඔහොමයි මෙච්චර කල් හොරු ඇල්ලුවේ. මේ ගොල්ලෝ ඉස්සරහටත් ඔහොම තමා.
අවුලක් නෑ. ප්‍රබල අමාත්‍යවරයා ඇතුලු අමාත්‍යවරුන්ගේ නම් දාලා නැහැනේ. එක මල්ලේ ලුණු කනවා කියන්නෙ ඒකටයි.
මේ රටට අත් වූ අවාසනාවන්ත ඉරණම නම් නිදහසින් පසුව ලබා ගත් නිදහස රට දියුණු සංවර්ධිත රාජ්‍යයයක් බවට ගොඩනැගීම සඳහා දැක්මක් සහිත රට ගැන රටේ ජනතාව ගැන කැක්කුමක් ආදරයක් සහිත නායකයන් ඉතා අල්ප වීමයි. එහෙම සිටියත් ඔවුන්ට බහුතර වංක හා වංචනික දේශපාලුවන් බහුතරය හිස එසවීමට ඉඩ නොදීමයි. නිදහසින් පසු ලංකා දේශපාලනඉතිහාසය ගවේශනය කරන්නෙකුට පැහැදිලිව පෙනෙන කරුණක් නම් මොවුන් සියලු දේශපාලන තීන්දු තීරණ ගෙන ඇත්තේ තමන් තම පක්ෂය බලයට ගෙන ඒමටත් ලත් බලය රැක ගැනීමටත් පමණි.ඒ සඳහා රටේ ජනයා දේශපාලන වශයෙන් ජාති වශයෙන් ආගම් වශයෙන්,ප්‍රාදේශීය වශයෙන් අසමගි කලා පමණක් නොව අසල්වාසීන් ,නෑයින් අතරත් තම දේශපාලනය විමර්ශණඝීලී ඇසකින් නොබලන ලෙස දේශපාලන වහල් අන්ධභාවයකට පත් කර ඇත.මොවුන් වසර 76 ක් පුරාවට මේ රටට කර විපත සොයා බලන්නට ශ්‍රිලංකාවේ රජයන් ප්‍රාදේශිය සභා තුළ,පලාත්සබා තුළ,මහ ආණ්ඩුවේ අමාතයාංශ හා දෙපාර්තමේන්තු කල සංවර්ධන වැඩ වෝහාරික විගණනයකට ලක්කර බැලිය යුතුය එය ප්‍රාදේශිය වශයෙන් ,දිස්ත්‍රියෙ සොයා බැලීමේ දී කොපමණ මහජන මුදල් නාස්ති කලාද අවභාවිතා කලාද වංචා කලාද යන්න හොදින් පැහැදිළ වනු ඇත.
රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙනවා , රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කරගන්න ඕනේ , අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් රජයේ සේවකයෝ ඉඳලත් , පාස්පෝර්ට් එකක , හැදුනුම්පතක්, රියදුරු බලපත්‍රයක් ගන්න , මේ විදිහට නිකරුනේ රජයේ ආයතන වල දිනගණන් රස්තියාදු වෙන්න පගාව දෙන්න තවදුරටත් ජනතාව සුදානම් නැහැ , ජනතාවට අලුත් බදු ගහන්න ඉස්සෙල්ල තිබෙන බදු එකතු කරගන්න ඕනේ , රජයට ලැබියයුතු ආදායම් බදුවලින් 75% නොගෙවා දිගින් දිගටම පැහැර හරින්නේ රටේ ප්‍රසිද්ධ ප්‍රකෝටිපතියන් අතලොස්සක් , රාජ්‍ය බැංකුවලින් කොටි 65000 නොගෙවා තිබෙන්නේ පක්ෂ , විපක්ෂ දේශපාලකයන් , රේගු නිලධාරින්ගේ අල්ලස් නිසා රේගු බදුවලින් 75% රජයට අහිමි වෙනවා , මේවා පාලනය කරන්න අවශ්‍ය වෙනවා , මොනවා කරන්නත් ජනතා සහයෝගය තිබෙන ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා , කරුණාකර ඡන්ද වලට යන්න . මෙම අල්ලස් දුෂණ වලක්වන සැලැස්මක් සහිත මැතිවරණ ප්‍රකශන ඉදිරිපත් කරන කෙනෙකුට, පක්ෂ වලට ජනතාව ඡන්දෙ දෙවි .