IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ඇප කොන්දේසි අයිතිවාසිකම් කඩලා‘

උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගී විය නොහැකි වන පරිදි සහ කිසිදු විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකි ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පනවා ඇති ඇප කොන්දේසි ඉවත් කරන ලෙස නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අද කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.

එම ඇප කොන්දේසි මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව කී නීතීඥ කුමාරප්පෙරුම මහතා මහාධිකරණයේ ගොනු කළ අභියාචන නඩුව අවසන් වන තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සංජීව බණ්ඩාර සම්බන්ධ නඩු විභාගය අත්හිටුවන ලෙස ද ඉල්ලා සිටියේය.

සංජීව බණ්ඩාර වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමේ නීතිපති වගඋත්තර කරුවකු ලෙස නම් කර නැති හෙයින් එය සංශෝධනය කර නැවත අඟහරුවාදා (21) ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.



අදහස් (0)

‘ඇප කොන්දේසි අයිතිවාසිකම් කඩලා‘

චානක Monday, 20 January 2014 03:51 PM

මානව හිමිකම් උල්ලංගනය කිරීමක් (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 January 2014 03:51 PM

අනේ විනුසුරු තුමනි කියන තැනකට උදේ හවහ වඳින්නම් ඔය කියන කොන්දෙසිනම් ඉවත් කරන්න එපා, අපේ දරුවන්ට නිදහසේ ඉගෙනගන්න පුළුවන් දැන් (දී)

:       0       0

කුමාර Monday, 20 January 2014 04:00 PM

අපටත් හැඟෙන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි (දිල්)

:       0       0

සුමිත් Tuesday, 21 January 2014 10:19 AM

අනේ කොල්ලෝ නිදහස් අධයාපනය වෙනුවෙන් පෙනී සිටින එක නවත්තල ටිකක් කඩේ ගියානම් සැපට කාල ඇඳලා ඉන්න තිබුනා.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 10:58 AM

වන මෘගයින් පවා මිනිසුන්ට කඩා පනින්නේ ඌට දැනෙන භිය නිසා කියන එක විද්‍යාත්මක මතයක්. ඒ කියන්නේ හැම දෙයින්ම සන්නද්ධව හිටියත් විශ්ව විදයාල කොල්ලෙකුට බයයි.(නදී)

:       0       0

ආනන්ද ජයරත්න Monday, 20 January 2014 05:28 PM

මෙයාගෙ ඇප කොන්දේසි ඉවත් කළොත් අනික් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කැඩෙනවා(දිල්)

:       0       0

චමින්ද Tuesday, 21 January 2014 12:54 PM

නිදහස් අධාපනය නැතුව ගෙවන අධ්‍යාපනය තිබුණා නම්, කිසි ප්‍රශ්නයක්,උද්ඝෝෂණයක් නැතුව කට්ටිය ගානට අධ්‍යාපන කටයුතු ටික කරගෙන යයි.(දිල්)

:       0       0

ආරියසේන Monday, 20 January 2014 08:58 PM

ඉගෙනගන්න ළමුන්ට ඉගෙනගන්න ඉඩ දීල තමන්ගේ යහපතට යමක් කර ගත්ත නම් හොඳයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site