IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කළාය.

ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වී ඉල්ලා අස්වූයේ නවසීලන්තයේ මධ්‍ය වාමාංශික හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන ගොල්රීස් ගහ්රමාන් ය.

ගොල්රීස්, ඉරානයේ උපත ලැබූ තැනැත්තියකි. කුඩා කළ මාපියන් සමඟ නවසීලන්තයට පැමිණ ඇත්තේ සරණාගතයකු ලෙසය. ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 2017 වසරේදීය.

සරණාගතයකු ලෙස නවසීලන්තයට පැමිණ, එරට පාර්ලිමේන්තුවට තේරී පත් වුණු පළමු මන්ත්‍රීවරිය වන්නේ ද ගොල්රීස් ය.

43 හැවිරිදි ඇය මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක මෙන්ම ලේඛිකාවක ද වන්නීය. ඇය එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියක ලෙස ද කටයුතු කර තිබේ.

ගොල්රීස් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ ඕක්ලන්ඞ් නුවර සුඛෝපබෝගී වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වූ අවස්ථාවේදීය.

චෝදනා එල්ල වෙද්දී තමන් ඇඳුම් සොරකම් කළ බව, ගොල්රීස් පිළිගත්තාය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඇය පැහැදිලි කළේ, තමන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බවත්, වරදක් බව දැන දැනත් තමන් එසේ කළේ එම ආතති තත්ත්වය මඟ හරවා ගැනීමට බවත්ය.

ඇගේ මෙම හැසිරීම තමන් ද ප්‍රහේලිකාවක් බව, ගොල්රීස් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.



අදහස් (11)

ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

Ajantha Tuesday, 16 January 2024 02:52 PM

ඔයා ලංකාවට එන්න .ඇවිත් මෙහෙ එම් .පී කෙනෙක් වෙන්න

:       4       91

නිමල් Tuesday, 16 January 2024 05:07 PM

මම පුදුම වුණා අපේ 225 එහෙම ඍජු තීරණ ගන්න පුළුවන් අය ඉන්නවාද කියලා...? බලපුවාම නවසීලන්තෙනේ. අපේ අයට නම් රෙදි ඕනෙත් නෑනේ, විලිලැජ්ජා නැහැනේ...!

:       2       49

Don Tuesday, 16 January 2024 06:30 PM

ඒකට අපේ අය... ඩොලර් බිලියන ගණන් හොරකම් කරන්නේ...!

:       2       33

chandima Tuesday, 16 January 2024 06:38 PM

එහෙ එහෙමයි... ඇඳුම් කෑල්ලක් හොරකම් කරාට ඉල්ලා අස්වෙනවා. මෙහෙ මුළු භාණ්ඩාගාරයම හොරකම් කරලා ආවාම සැලියුට් ගහනවා.

:       3       48

Dhanushka Tuesday, 16 January 2024 07:53 PM

මහබැංකු හොරුටික මතක් වුණා.

:       1       32

Lal Tuesday, 16 January 2024 09:36 PM

අපේ වමාශිකයන් මේවගේ තමා

:       1       1

Ahmed (Gulf) Wednesday, 17 January 2024 12:34 AM

මේවගේ හොඳ නැති ජරා රටවලින් යන මිනිස්සු බටහිර ලෝකය විනාශ කරනවා.

:       0       9

Perera Wednesday, 17 January 2024 05:04 AM

ලංකාවේ වගේ නවසීලන්තේ දියුණු නැහැ නේ

:       1       2

Bunny Preena Wednesday, 17 January 2024 09:26 AM

සොරකම් කිරීම අපේ ජාතික ප්‍රතිපත්තියක්නෙ. ෂ්‍රෙනි ගතකිරීම් සිදුවන්නෙ සොරකම් කරන ප්‍රමාණය සහ ගොඩ අනුවයි.

:       0       7

HM RANASINGHE Thursday, 18 January 2024 10:29 PM

හොරකම් කිරීම මන්ද බුද්ධිකයි. අන්සතු දේ ගැනීමෙන් බොහෝ කාලයක් දුගතියේ සැරිසරන්න සිදුවේ. මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය වියයුතුයි...

:       0       0

HM RANASINGHE Thursday, 18 January 2024 10:30 PM

හොරකම්, දූෂණය නැති වෙන්නේ පෘතුවියේ පොසිල ඉන්ධන ඉවර වූ පසුවයි....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site