අධ්‍යාපන කටයුතු කරන සමයේ නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණි ඇය වසර දෙකකට අධික කාලයක් අත්හදා බැලීම් සිදුකරමින් නිරූපණ කටයුතු සඳහා දායක වන්නීය. නමින් ගිෂානි නමදගල වන ඇය ඇගේ ඉදිරි කටයුතු පිළිබඳව ‘සාරවිට’ සමගින් පිළිසඳරේ යෙදුනේ මෙලෙසිනි.
ඔබව හඳුන්වාදුන්නොත්?
රැකියාවක් කරනවාද?
දැනට මම Culture Fund එකේ Course එකක් කරනවා. Trainer කෙනෙක් විදිහට වැඩකටයුතු කරනවා.
නිරූපණයට එන්න හිතුවේ ඇයි?
මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ 2014 වර්ෂයේදී වගෙයි. එදා ඉඳලා මේ තාක් නිරූපණ කටයුතු සඳහා දායක වෙනවා.
පළමුවෙන්ම දායක වුණේ?
ඉස්සෙල්ලාම බ්‍රයිඩල් ෂූට්වලින් තමයි ආවේ. ඊට පස්සේ Tv Commercialවලට ගියා. ඉදිරියේදී තරගයකට යන්න තියෙනවා. මිස් යුනිවර්සිටි සඳහායි. ඉදිරියේදී ඒ සඳහා දායක වෙන්න ඉන්නවා
කරපු වෙළෙඳ දැන්වීම් ගැන කිව්වොත්?
මැලිබන් ක්‍රීම් ක්‍රැකර් වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වුණා. වෙනත් දේවල් සඳහා දායක වෙන්න බැරිවුණා මගේ අධ්‍යාපන කටයුතු නිසා. දැන් අධ්‍යාපන කටයුතු අවසන් නිසා ඉදිරියේදී වැඩි ඉඩක් නිරූපණය සඳහා ලබා දෙනවා.
වෘත්තීය වශයෙන් නිරූපිකාවක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ?
එහෙම නැහැ. මගේ විනෝදාංශයටයි නිරූපණය කරන්නේ. මම ඒකත් කරගෙන රැකියාවේ කටයුතුත් කරගෙන ඉන්නවා.
නිරූපණ පිළිබඳ ලංකාව තුළ ඇති මතය එතරම් සුබදායක නැහැනේ ඉතිං මේ සඳහා ගෙදරින් කැමැත්ත ලැබුණද?
ලැබුණා. නමුත් මම තෝරාගත් දේවල් සඳහා තමයි දායක වන්නේ. කතාකරන හැමදෙයක් සඳහාම යන්නෙ නැහැ. ගොඩක් ඇඳුම් පිළිබඳවත් සැලකිලිමත් වෙනවා. ගොඩක් දේවල් තෝරගෙන තමයි දායකවෙන්නේ.
නිරූපිකාවක් සඳහා බලපාන සාධකය ලස්සන විතරද?
ලස්සනම බලපාන්නෙත් නැහැ. සමහර කට්ටිය ලස්සන කියන්නෙත් සුදු අයටයි. ඇතැමුන් ලස්සනයි කියනවා කළු අයටත්. එහෙම නැහැ. ලස්සන එකිනෙකාට වෙනස් වෙනවා. ඉතිං නිරූපණයට ලස්සන වගේම හැකියාව සහ දක්ෂකමත් තියෙන්න ඕනේ.
ලංකාවේ නිරූපණය පිළිබඳව තියෙන මතය පිළිගන්නවාද?
සමහර අය නිරූපණය පිළිබඳව එක එක විදිහට හිතනවා. සමහර කට්ටිය ඇඳුම්වලින් මනිනවා. ෂූට් එකකට එද්දී ඇඳුම මොකක්ද කියලා තමයි මුලින්ම අහන්නේ. ඇඳුමෙන් නෙමෙයි නිරූපණය කියන එක මනින්නේ.
රංගනය පැත්තට දායක වෙන්න හිතනවාද?
රංගන පැත්තෙන් දායක වෙන්න අවස්ථාව ගොඩක් හම්බුණා. මට ගැළපෙන චරිතයක් තාම ලැබුණෙ නැහැ. ඒක හින්දා මට ගැළපෙන චරිතයක් හම්බුණෝතින් මං දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ කියන්නේ සිනමාව පැත්තටද? පුංචි තිරය පැත්තටද?
සිනමාව සහ ටෙලි නාට්‍ය කියලා විශේෂයක් නැහැ. ගැළපෙන චරිතයක් තිබුණොත්, පිටපත කියවලා රංගනය සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඉදිරි කටයුතු පිළිබඳව කිව්වොත්?
ඉදිරියට මගේ රස්සාවත් කරගෙන නිරූපණය පැත්තෙන් මට යන්න පුළුවන් පැත්තට ගිහිල්ලා. මගේ වැඩ කටයුතු සඳහා දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
උදවු කරපු අය ගැන කිව්වොත්?
මගේ අම්මා, අප්පච්චි, මගේ යාළුවෝ. මම ඉස්සෙල්ලාම නිරූපණය කියන තැනට ආවේ මින්ෂු අක්කා හින්දා. එයාගෙන් තමයි මම මේ තැනට ආවේ. යාළුවෝ තමයි මට ගොඩක්ම උදවු කළේ. අම්මා අප්පච්චි හැමදෙනාම. හැම දවසෙම එයාලා තමයි මගේ පස්සෙ හිටියෙ.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇඳුම්වලින් නිරූපණය මනින්න බෑ