IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇඟලුම් අපනයනයට හොඳ කලක්

(විමුක්ති එස්.රුද්‍රිගු)

පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකළ ඇඟලුම් අපනයනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සමස්ථයක් ලෙස සියයට 5.23 කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් රාජධානිය හැර යුරෝපයට සිදුකළ ඇඟලුම් අපනයනය සියයට 0.81 කින් වර්ධනය වී ඉන් ලැබූ අදායම ඩොලර් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ.

එසේම ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට සිදුකළ ඇඟලුම් අපනයනයන් 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 7.65 ප්‍රතිශතයකින් වර්ධනය වෙමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 675 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වේ. ඉහත රටවල් හැර අනෙක් රටවල්වලට සිදුකළ අපනයනයන්ද 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 10.13 කින් වර්ධනය වෙමින් ඉන් ලැබූ අදායම ඩොලර් මිලියන 778.4 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2022 වසරේදී ඩොලර් බිලියන 5.6 ක් ලෙසත්, 2020 වසරේදී ඩොලර් බිලියන 5 ක් ලෙසත්, 2019 වසරේදී ඩොලර් බිලියන 5.3 ක් ලෙසත් සඳහන් විය. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම වර්ධනයක් පෙන්නුම් කළත් 2022 වසර සාපේක්ෂව එය පහළ යෑමකි.

 



අදහස් (0)

ඇඟලුම් අපනයනයට හොඳ කලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 359 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1639 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site