IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ රාජ්‍ය උත්සවයක් ලෙසින්

ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලිය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට රජය සියලූ කටයුතු සුදානම් කර ඇතැයි ජනමාධ්‍ය වැඩබලන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවසීය. කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී ජූනි 9 වැනිදා  ආරම්භ වීමට නියමිත ඇත්තේ 15 වැනි ආසියානු කනිෂ්්ඨ මලල කී‍්‍රඩා තරගාවලියයි. මෙම මාධ්‍ය හමුවට කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ  සභාපති මේජර් ජනරාල් දයා රත්නායක, එහි ලේකම් රියර් අද්මිරාල් ෂෙමාල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගි  වූහ. රටවල්  45ක සහභාගිත්වයක් අපේක්‍ෂා කරන 15  වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියට රුපියල් මිලියන 65ක් වැයවන අතර ඉන් මිලියන 20ක් ලබාදීමට කී‍්‍රඩා අමාත්‍යාංශය කැමැත්ත පළකර තිබේ. මේ අතර ආසියානු කනිෂ්ඨ පරිසාධන  මට්ටමටම පැමිණි ශ්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ  ගණන 15 ක් වුවත් සත්කාරක රාජ්‍ය බැවින් එක් ඉසව්වක් සඳහා කී‍්‍රඩකයන් හෝ කී‍්‍රඩිකාවන් තිදෙනකු බැගින් සහභාගි කරවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන්  තරගාවලිය සඳහා ඉදිරිපත් කෙරෙන සංඛ්‍යාව 130 ඉක්මවයි. පරිසාධන මට්ටම අනුව  වැඩිම ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් ගණනක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙන්නේ ඉන්දියාවටයි. එය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා නිලධාරීන් 115 කගේ කණ්ඩායමකි. ජපානයෙන් පැමිණෙන කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 66කි. රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වීමට ගත් තීරණය නිසා තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ මහතාට ඇරියුම්  කිරීමට තීරණය කළ බවත් සමාරම්භක හා සමාප්ත උත්සව සංස්කෘතික විශේෂාංග රැුසකින් සමන්විතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. තරගාවලියට පැමිණෙන පිටරට ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට මෙරට ආහාර පාන හඳුන්වාදීම කෙරෙහි  තරග  සංවිධාකයන් විශේෂ  අවධානය යොමුකර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ප‍්‍රචලිත  පානයක් වන තැබිලි කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමුකිරීමට කටයුතු  කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලෙක්ම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා පැවසීය. කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, මේජර් ජනරාල් දයා රත්නායක සහ වැඩබලන ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් පුවත්පත් සාකච්ඡාවේදී...



අදහස් (0)

ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ රාජ්‍ය උත්සවයක් ලෙසින්

සිසිර Friday, 18 May 2012 12:18 PM

අනේ අපිටමයි මේව වෙන්නේ...

:       0       0

ෆාරු Friday, 18 May 2012 12:21 PM

මේ ගොල්ලො කැමරාවට ආසයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site