IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

" රජයකට ඕනෑම වෙලාවක තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. මේක අපේ රජය" යැයිද  ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේ පැවසූවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන්  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මංගල සමරවීර මහතාගේ ශෝක යෝජනාව විවාදය ගන්නා මේ අවස්ථාවේදී මෙවැනි ප්‍රශ්න ඇද ගැනීම වැරදි බවත්  ඒවා කතා කිරීමට වෙනත් තැන් තිබෙන බවත් ඔහු පැවසුවේය.

මංගල සමරවීර මහතාගේ පවුලේ ඥාතීන්ද මේ අවස්ථාවේදී  මේ ස්ථානයේ  සිටින බව  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ  පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන තීරණයක්  ගන්නා බවයි.

ඒ පිළිබඳව ළඟදීම තීරණයක් ගන්නා බවද ඔහු කීවේය



අදහස් (1)

ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවයි

Lalith M Friday, 11 February 2022 05:47 PM

මේක තමන්ම ඡන්දය දාගෙන හදාගත්තු රජයක්ද? ඊළඟට ඡන්දය ඉල්ලන්න එනවාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site