IMG-LOGO

ආවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හරිද?

සොරකම් කිරීම, කප්පම් ගැනීම ආදී චෝදනාවන්ට ආවා කල්ලියේ යැයි කියමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදය වැපිරීවීමට හවුල් බවට සාධාරණ සැකයක් නැතිව එම පනත යටතේ ත්‍රස්ත මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් පැමිණිලි 11ක් පමණ ලැබී ඇතැයි ද එම ආරංචි සඳහන් කරයි.

මොවුන් ත්‍රස්තවාදයකට සම්බන්ධ නැති බව නීතිය හා සාමය  ඇමැති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි ද, එසේනම් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත්තේ කෙසේදැයි සොයා බලන ලෙස ද පැමිණිලිකරුවන් කොමිසමෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරේ කාර්යාලයය සහ කොළඹ ප්‍රධාන කාර්යාලයය මගින් එම විමර්ශන පැවැත්වේ.



අදහස් (0)

ආවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හරිද?

සොපි Friday, 18 November 2016 03:07 AM

මට නම් මේ ගැන කියන්න කිසිම දෙයක් නැහැ (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 18 November 2016 03:10 AM

යුද්ධය කාලේදී දකුණේ බෝම්බ පුපුරනකොට , කොටි බෝම්බ පිපිරවීම හරිද කියා කවුරුත් හොයාබැලුවේ නැහැ. මොන ආණ්ඩුව ආවත් මේ වගේ කල්ලි වලට නම් ඉඩ නොතැබිය යුතුය (නි)

:       0       0

ප්‍රසන්න Friday, 18 November 2016 04:11 AM

හිතාගන්න බැහැ මොනවා කරන්නද කියලා මේ ප්‍රශ්න වලට (නි)

:       0       0

සුජීව Friday, 18 November 2016 07:11 AM

බෝම්බ වලින් අහිංසක මිනිස්සු බුරුතු පිටින් මැරෙද්දී අපිට එදා කවුරුත් හිටියෙ නැහැ (නි)

:       0       0

සිරි Friday, 18 November 2016 07:25 AM

වගකිවයුත්තන් නිදාගෙනද ඉන්නේ? ජනතාව නම් අවදියෙන්! (නි)

:       0       0

ටෙෂාන් Thursday, 17 November 2016 07:05 PM

ඒ ගමන ආයෙත් මානව හිමිකම්...? (නි)

:       0       0

විජේපාල Friday, 18 November 2016 10:08 AM

නිශ්ශබ්දව සිටීම නුවණට හුරු බව මටත් සිතේ (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 18 November 2016 01:48 AM

රටක් අස්ථාවර නැත්නම් මානව හිමිකම් ආයතන වලටත් රස්සා නැහැනේ. බාහිරින් වන අතගැසීම් වැඩියි. පොඩ්ඩ පොඩ්ඩ සුද්ද කරලා දෙනමෙන් ඉල්ලා සිටිමි. බටහිරට ආවඩන යුද්ධයක් නම් අායෙත් එපා. (නි)

:       0       0

සත්‍යයා Friday, 18 November 2016 02:14 AM

මේකත් හරියට රනිල් අර්ජුන් මහේන්ද්‍රන්ගේ හොඳ කියන්න ගිහිල්ලා ඉල්ලන් කෑවා වගේ වැඩක්. එක බොරුවක් වහන්න තව බොරුවක් කියලා දැන් ගලේ පහරපු බළලුන් වගේ වහගන්න බැරිව දඟලනවා. මානව අයිතිවාසිකම්කාරයොත් සර්පයෝ වගේ හුඹස් වලින් එළියට ඇදෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 604 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site