කොළඹ ක‍්‍රිකට් සමාජ (සී. සී. සී.) ක‍්‍රිකට් පාසල අටවැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන වයස 14 න් පහළ ආරාධිත ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රිකට් තරගාවලිය අද (10) ආරම්භ වන අතර මේ මස 20 වැනිදා අවසන් වීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් අද (10) කොළඹ අවට ක‍්‍රීඩාංගණ නවයකදී තරග 15 ක් පැවැත්වෙන අතර 20 වැනිදා දක්වා සෑම දිනකදීම තරග පැවැත්වේ. අවසන් මහා තරගය මේ මස 20 වැනිදා පෙරවරු 9.30 සිට සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු වටයේ තරග කණ්ඩායම් හයක් බැගින් වන කාණ්ඩ අටක් යටතේ ලීග් ක‍්‍රමයට පැවැත්වේ. පළමු වටයේ තරගයක ඉනිමක් ඕවර 30 ක් වන අතර සම්පූර්ණ තරගාවලියේදී තරග 136 ක් පැවැත්වීමට නියමිතය.
යාපනය, අනුරාධපුර සහ නුවරඑළිය යන ප‍්‍රදේශවල කණ්ඩායම් ඇතුුළු දේශිය කණ්ඩායම් 38 සහ ඉන්දියාව, ඕස්ටේ‍්‍රලියාව, මැලේසියාව සහ මාලදිවයින යන රටවල්වල කණ්ඩායම් 10 ක් සමගින් මෙහිදී ශූරතාව සඳහා කණ්ඩායම් 48 ක් තරග කරයි.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරාධිත ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රිකට් තරගාවලිය අද ඇරඹේ