
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා (19) දා අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරයා බව පොලිසිය කියයි.
නිවාඩු දිනයක් බැවින් පෞද්ගලික බැංකුව ඇතුළු ආයතන කිහිපයක් වසා දමා ඇති අතර මෙම පුද්ගලයා පමණක් ගොඩනැගිල්ලේ ආරක්ෂාවට රැඳී සිට ඇතැයි පැවසේ.
ඒ අතරතුරදී සවස 02.30 පමණ ආරක්ෂක නියාමකවරයා රැඳී සිටින මුර කුටියේ ප්‍රභාකරන් රැදී සිටින බව පවසා ගිනි ඇවිලෙන සුළු කිසියම් ද්‍රාවණයක් යොදා ගිනි තබා ඇතැයි පැවසේ.
ගින්නෙන් මුරකුටිය තුළ තිබූ ඇදක්, මේසයක්, පුටුවක් පොත් පත් කිහිපයකට හා ආරක්ෂක නියාමකවරයාගේ රෙදි පිළි තොගයකට පමණක් ගිනි ඇවිලී ඒවා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
ගින්න සිදුවීමත් සමඟ කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ කාර්ය භාර නිලධාරී ජී.ඩී.ඩී.පී.ගලගෙදර මහතා ඇතුළු නිලධාරීන් අට දෙනකු ගිනි නිවීම් රථ දෙකක් සමග පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමූ බව කියයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කොට සිහි මුර්ජා ගතියෙන් හැසිරී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර එම කුටියේ ප්‍රභාකරන් රැඳී සිටි නිසා තමා ඊට ගිනි තැබූ බව පොලිසියට පවසා තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු වෙත යොමු කොට වෛද්‍ය වාර්තාවක් ලබාගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
673
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියලා
පර්සි මහේන්ද්‍ර Saturday, 19 April 2025 11:17 PM
ප්‍රභාහරන්ට අවසිහියෙන් බයවුනා කිව්වම මම හිතුවෙම ගොම්බාන්පිල කියල
පිස්සු යක්කු Sunday, 20 April 2025 08:57 AM
අඩේ මේ ගෙම්බංපිල සෙට් එකේ තවත් එකෙක්...රටේම මේ වගේ උන් අල්ලලා වහාම පුනුරුත්ථාපනයකට යොමු කරමු..ආ අර වංශ පනික්කියාවත් එක්කම