IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ

ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස් සමඟ තමන් යළි විවාදයකට නොයන බව, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතරේ සජීවී රූපවාහිනී විවාද පැවැත්වෙයි. 

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපති කමලා හැරිස් අතරේ පසුගිය දා සජීවී විවාදයක් පැවැත්විය. එය ට්‍රම්ප් සහ කමලා අතරේ පැවැත්වුණු පළමු විවාදයයි.

එම විවාදය ඉතා උණුසුම් ස්වරූපයක් ගත්තේය. විවාදයෙන් පසු ට්‍රම්ප් පවසා ඇත්තේ, විවාදයේ දී තමන් හැරිස් පරාජය කළ බවය. තමන් හැරිස් සමඟ යළි විවාදයකට නොයන්නේ ද ඒ නිසා යැයි ට්‍රම්ප් අවධාරණය කර ඇත.

එසේ වුවත්, එම විවාදය සම්බන්ධයෙන් පැවැති ජනමත විමසුම්වලින් පෙනී ගොස් ඇත්තේ මිනිත්තු 90 ක කාලයක් තිස්සේ පැවැත් වුණු විවාදයේ දී වැඩි වාසි අත්වූයේ ට්‍රම්ප්ට නොව, හැරිස්ට බවය.

ට්‍රම්ප් චතුර කථිකයකු වුවත්, නීතීඥවරයක සහ නීතිපතිවරියක ලෙස ද පළපුරුද්ද ඇති උප ජනාධිපතිනී කමලා හැරිස්ට ට්‍රම්ප් සමඟ පහසුවෙන් වාද කළ හැකි විය. එය ට්‍රම්ප් අපේක්ෂා නොකළ දෙයක් යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කමලා හැරිස් ඉන්දීය සහිත තැනැත්තියකි. ඇගේ මව ඉන්දියානු කාන්තාවක වන අතර, පියා කළු ජාතික ඇමෙරිකානුවෙකි. හැරිස් නොවැම්බර් 5 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාව වන්නේ ඇයයි.



අදහස් (2)

ආයේ කමලා එක්ක විවාදයකට යන්නේ නෑ

sameera Saturday, 14 September 2024 07:51 AM

කමලා හැරිස් ඉන්දීය සම්බවයක් ඇති තැනැත්තියකි. ??????

:       0       0

don Saturday, 14 September 2024 08:07 AM

කමලා හැරිස් ගේ පියා ජැමෙයිකානුාවෙක් ඔහු වැඩි දුර අධ්‍යාපනයට ඇමෙරිකාවට ඇවිත් ඇමෙරිකානු පුරවැසිකම ලබා ගත්තා

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 2 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 56 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 621 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 454 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


ආයුධ සමඟ දෙහිඔ්විටදී අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 04 217 0

දෙහිඕව්ට දෙබෑගම ප්‍රදේශයේ දී කළ වැටලීමකදී අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබු ඔහු ව්සින් නිෂ්පාදනය ක


මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද සිට
2024 ඔක්තෝබර් මස 04 178 1

නොවැම්බර් මස 14 දා පැවැත්වෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (4) ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38833 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25490 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 354 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site