IMG-LOGO

2023 සැප්තැම්බර් මස 22 වන සිකුරාදා


ආයතන තවත් හයක ලොක්කෝ කෝප් කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )


විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු තවත් ආයතන හයක් ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් )  හමුවට කැඳවීමට නියමිතය.

කෝප් කමිටුව හමුවට මෙසේ කැඳවීමට නියමිත සෙසු  ආයතන වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල සහ  ඇල්කඩුව ප්ලාන්ටේෂන්  සමාගමයි.

මේ අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධානීහු අද(19)ද, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ  ප්‍රධානීහු හෙට(20)ද කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රධානීහු අනිද්දා(21)ද ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධානීහු ලබන මස 3 වැනිදාද   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදාද  ඇල්කඩුව ප්ලාන්ටේෂන්  සමාගමේ ප්‍රධානීහු  ලබන මස 6 වැනිදාද  කෝප් කමිටුව හමුවට  මෙසේ කැදවෙති.
කෝප් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.



අදහස් (3)

ආයතන තවත් හයක ලොක්කෝ කෝප් කමිටුවට

Gon Sunakayo Monday, 18 September 2023 02:31 PM

හොයාගන්න අක්‍රමිකතා කරපු එකෙකුටවත් මේ වෙනකන් දඬුවම් කළා කියලා අහලා නෑ. නිකන් ශෝ විතරයි..

:       0       7

පැරකුම් Monday, 18 September 2023 02:55 PM

ඇයි මේ කිසිම තේරුමක් නැතිව අපේ සල්ලි සහ කාලය නාස්ති කරලා ඔය කට්ටිය නිකං වරප්‍රසාද විඳින්නේ... බැරිද රටට යහපතක් වෙන දෙයක් කරන්න... මෙච්චර කාලෙකට මොනවාද කළේ?

:       0       5

Deepal Nirosh Monday, 18 September 2023 03:48 PM

සභා තොමෝ සාමකාමීව එක්රැස්ව සතුටු සාමීචි ඇණුම් බැනුම්වල යෙදී කා බී සතුටින් විසිර ගියහ...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘ සියලු දෙනාගේම සහයෙන් තිරසාර වර්ධනයක් කරා රට මෙහෙයවනවා‘‘
2023 සැප්තැම්බර් මස 21 239 0

ශ්‍රී ලාංකිකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව තිරසාර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ම


මෙරට ඉදන් ලැප්ටොප් ඉන්දියාවට පැන්නූ ඉන්දියානුවෙක් දැලේ
2023 සැප්තැම්බර් මස 21 377 0

තීරුබදු නොගෙවා ඩුබායි සිට නීති විරෝධි එලෙස මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 100 ට අධික ප්‍රමාණයක් වේල්ලවීදිය නවාතැන් පොළක තබාගෙන මෙරටට පැමිණෙන ඉන්දියානු ව්‍


රනිල් - බයිඩ්න් අතර හමුවක්
2023 සැප්තැම්බර් මස 21 1164 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.


බදුල්ලේ පාරවල්වලට පස් කඳු කඩා වැටේ
2023 සැප්තැම්බර් මස 21 232 0

පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර මඩොල්සිම මාර්ගයේ 1 කණුව සොහොන හංදිය අසලදී අද (21) පස්වරුවේ පස්කන්දක් සමඟ ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා


පෙම් හුටපටයකට සිසුන් දෙනෙකුට හෙල්මට්වලින් ගහලා
2023 සැප්තැම්බර් මස 21 529 0

ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් පාසල් ළමුන් දෙදෙනෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදුන් බව කියන තරුණයන් සිව්දෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පින්


සැක ඉන්හේලර් පාසල් සිසුන්ගේ බෑග්වලින් සොයාගෙන
2023 සැප්තැම්බර් මස 21 539 0

කිසියම් සැක ද්‍රව්‍ය සහිත ඉන්හේලර් කීපයක් පාසල් බෑග් කීපයක තිබි සොයාගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1396 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 658 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 358 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site