(ඉන්දිකා රාමනායක)

පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට නියම කළේය.

කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අසේල සම්පත් අද දහවල් කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2019 වර්ෂයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව අසේල සම්පත්  ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබිණි.