IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආපදාවේ තොරතුරු ඉල්ලා සජබ හෙට ආයතන පහකට යයි

(සුජිත් හේවාජුලිගේ)

හදිසි ආපදාවට අදාළ කාලගුණ තත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා  ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ආපදාවට පෙර කරන ලද සාකච්ඡාවල සියලු තොරතුරු ඉල්ලා සිටීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

මෙම ආයතනවලට හෙට (10 )ගොස් තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම තොරතුරු ලිඛිතවම ඉල්ලා සිටින බව   සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  ප්‍රකාශ  කළේය.

පසුගිය නොවැම්බර් 11 වැනිදා සිට නොවැම්බර් 26 වැනිදා අතර කාලයේදී මෙම ආයතන  කාලගුණික තත්වයන් සම්බන්ධයෙන්  කරන ලද සාකච්ඡාවල තොරතුරුවලට අමතරව  වගකිවයුතු නිලධාරීන් සූම් මඟින් කරන ලද රැස්වීම්වල තොරතුරු  වාර්තා සහ වීඩියෝ   ඉල්ලා සිටීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා  කීය.

රටේ දැවැන්ත ආපදාවක් සිදුවී ඇති මේ අවස්ථාවේ දී මෙම ආයතන ක්‍රියා කළ ආකාරය සහ ඊට ආණ්ඩුවේ වගකිවයුත්තන් දැක්වූ ප්‍රතිචාරය රටටම මේ අවස්ථාවේ දී දැනගැනීම වැදගත් නිසා මෙලෙස  තොරතුරු ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.



අදහස් (16)

ආපදාවේ තොරතුරු ඉල්ලා සජබ හෙට ආයතන පහකට යයි

වින්සන්ට් කජ්ජා Tuesday, 09 December 2025 10:14 PM

වැඩ නැතුව පිස්සු වැටිල ඉන්න මේ අතිශය බුද්ධිමතුන්ට කරන්න වැඩක් දුන්නනම් කවුරුහරි ලොකු උදව්වක්. පාරවල් හදන්න, කාණු කපන්න, කුණු ඉවත් කරන්න සෑහෙන්න ඇතිනේ මේ දවස්වල.

:       0       8

කපුරුහාමි Tuesday, 09 December 2025 11:20 PM

මුජිබරයා නගරාධිපතිකමට ඉල්ලන්ඩ හිතාගෙන උන්නට ඒකත් බැරිඋනා .සමගියේ එකෙක්ව නගරාධිපතිකමට ගේන්ඩ පුදුම ගේමක් දුන්නා ඒකත් හබක්? දැන් අලුත් වැඩකට ලෑස්ති වෙනවා.බන්කොලොත් වෙච්ච් උන්ට කරකියාගන්ඩ දෙයක් නැතුවයි ඉන්නේ?

:       0       7

අසිත Tuesday, 09 December 2025 11:44 PM

මේ වෙලාවේ ඕවා නෙමෙයි ගිහිල්ලා වතුර බෝතලයක් හරි දීපල්ලා. නිකම් අත් දෙක වන වන මාධ්‍යකාරයෝ එක්ක කැමරා අටවාගෙන ගිහින් මේක් අප් දාපු අය ලවා ආණ්ඩුවට බැන බැන කරන මෝඩ පහත් වැඩ දැන්වත් නවත්තලා හොඳ මිනිහෙක් වෙන්න බලන්න. ඉස්සෙල්ලා අවතැන් වූ අයට පිහිට වෙයල්ලා. ඊට පසේ ඕනෙනම් නඩු දාපල්ලා

:       0       6

C.K.Lankaputhra Wednesday, 10 December 2025 05:47 AM

අනේ මෙහෙම අපතයන් පිරිසක්. ඔය හොයන්නේ අසරණ වු මිනිසුන්ට පිහිට වෙන්නේ කොහොමද කියන එක නෙවෙයි, ආණ්ඩුවට ගහන්නේ කොහොමද කියන එකයි. මුන්ට නං කවදාවත් හොඳක් නං වෙන්⁣නෙ නෑ.

:       1       15

ඒ.එම්.ඒ. කුමාර Wednesday, 10 December 2025 06:48 AM

රටම ආපදාවට ලක්වෙලා ඉන්න වෙලාවේ විපක්ෂය ඒකෙන් ගොඩයන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ ඕවට උත්තර දිදී ඉන්නවට වඩා එම ආයතනවල නිළධාරීන්ට කරන්න වැඩ තියෙනවා. බොරු සංදර්ශන නැතුව මේ වෙලාවේ ආපදාවට ලක්වුනු ප්‍රදේශයකට ගිහින් මිනිසුන් වෙනුවෙන් යමක් කලා නම් චන්දයක් දෙකක් හරි වැඩිකර ගන්න තිබුණා.

:       1       15

අලගියවන්න Wednesday, 10 December 2025 07:25 AM

ආපදාවට ලක්වෙච්ච මිනිස්සු ගොට එන්න දගලනවා. මේ අවස්ථා වාදී කබල්ලු විකාර කරනවා.

:       1       13

ලොක්ක Wednesday, 10 December 2025 07:51 AM

මුජ්බීර් රහමන් කියන්නෙ බොරු හොරනැවක් , ඔය යෝධය කොළබ නගරාදිපති තොරපු විදිය නිති විරෝදියි කියල නඩුමගට බහින බව පාර්ලිමෙනිතුවෙත් ඉන් පිටතත් මහා සන්ධර්ශනයක් පැවැත්තුව. අදටත් නඩු නැ, පුස් වෙඩි , මේ නඩුවත් එහෙමම තමයි , මේ පුස් බෙරේ ජනතාවට අහලම එපාවෙලා. මේ වෙලෙවෙ මිනිස්සු බලන් ඉන්නෙ මේ ආපදාවෙන් ගොඩ එන්නෙ කොහොමද කියල . මේ ජනතා නියෝජිතයො මේ අය වගකිමෙන් කටයුතු කල යුතු අය. මේ මිනිස්සු පාර්ලිමෙන්තුවට එව්ව මිනිස්සු මේ අපතයන්ට චන්දය නොදිය යුතුයි.

:       2       15

දලුවගෙදර Wednesday, 10 December 2025 08:34 AM

මේ මැරුණ අයට, අවතැන්වූ අසරණවූ අයට පිහිට වීමට සජබ දරන උපරිම උත්සහයයි!

:       0       9

Amila Wednesday, 10 December 2025 10:21 AM

රටේ හැමකෙනෙක්ම රට යථා තත්වයට පත්කරන්න රෑ දවල් නොබලා වැඩ කරද්දී මේ මුන් ඒ තැන් වලට ගිහින් ඒවට මුල්තැන දෙන්න බැරිවෙන්න බාදා කරනවා. මුන් නම් මහා කාලකන්නි

:       1       15

සිරි දාස Wednesday, 10 December 2025 10:28 AM

බලයන්ට එන්න බැරි බව දන්නව, රජයට විරුද්දව ගෙනියන්න චෝදනා හොයනව , අතේ පත්තුවෙන බොරු කෙල්‍රනව, රජය ඇතුලෙ අගමැති, ඇමතිවරු අතර බේද බින්න ඇති කරන්න අවුරුද්දක්ම දැගලුව , දැන් ඒක බැරි හින්ද අත ඇරල දැම්ම, දැන් තව බොරුවක් අල්ලගෙන , ඔකෙන් ආයි පල්වෙනව නැවත ගොඩ එන්ට බැරි විදියට. එන චන්දෙදි යන එන මන් නැතිවෙනව

:       1       13

Rasi Wednesday, 10 December 2025 11:04 AM

වැඩකට ඇති වැඩක් කරන සෙට් එකක් නෙවෙයි. මුන් දැන් විපක්ෂේම ඉදල මොට වෙලා ඉන්නේ. හබල් ගානවා ඇරෙන්න බලයට එන්න සැලසුමක්වත් හදා ගන්න දන්නේ නැහැ. සජිත් සමග පෙරට කොහොම වුනත් වලට නම් යන එක සුවර්.

:       0       13

සෙනෙවිරත්න Wednesday, 10 December 2025 11:32 AM

මේ වෙලාවෙ වෙන වැඩකුත් නැහැනෙ, අනේ අපිවත් ගන්නකෝ කිය කිය යනවට වඩා මේකත් හොඳයි, ඕව පස්සෙ කරමු මුජිබර්, මේ වෙලාවෙ රජය කරන දෙයකට සහය දෙන්න. විපක්ෂ ආයෙමත් කුජීතයි.

:       1       10

Nihal Dharmatileke Wednesday, 10 December 2025 11:46 AM

දේශප්‍රේමියෝ වැඩේ දේශ ද්‍රෝහියෝ අනවශ්‍ය වැඩේ ගිහිල්ලා මිනිස්සුන්ට උදව්වක් කරනවා

:       0       8

Lalla Wednesday, 10 December 2025 12:11 PM

පඩංගු දේශපාලනය පැත්තකට දාල රට ගොඩනැගීමට එකතු වී වැඩ කරන්න විපක්ෂ දේශපාලන ඥයින්ට බැරිද,

:       1       14

Pankumburage Wednesday, 10 December 2025 01:36 PM

අනේ පව් විපක්ෂයට වෙච්චි දෙයක්. මැරෙන කම් වැරදි හොය හොයා ඉන්න තමයි වෙන්නෙ.

:       1       8

පිටරැටියා Wednesday, 10 December 2025 04:42 PM

විපක්ෂයේ අනාථයින්ට කරන්න දෙයක් නැතුව ඉන්නේ... ආණ්ඩුව වැඩ හරියට කරගෙන යන බව පැහැදිලියි.. අපි සැමදා අදූෂිත ජනතාවාදී මාලිමා ආණ්ඩුව සමගයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 538 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 485 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site