IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ආපදාවෙන් පීඩාවට පත් පිරිස 1,25,000 ඉක්මවයි‍

(ඩයනා උදයංගනී)
 
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට ගං වතුර හා නායයෑම් ආපදා තත්ත්වයක් බලපා ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට පවුල් 32,126 කට අයත් 1,25,954  දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 
ඉන් පවුල් 13,832කට අයත් 54,205 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 251ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
 
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 43කට පූර්ණ හානි සිදුව තිබූ අතර තවත් නිවාස 3225කට අර්ධ හානි සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.
 
අකුණු සැර වැදීම්, දියේ ගිලීම්, ඉවුරු හා ගස් අතු කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මරණ 13ක් ද වාර්තා වී තිබේ.
 
මුලතිව්, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මොණරාගල, මාතර, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්ට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.



අදහස් (2)

ආපදාවෙන් පීඩාවට පත් පිරිස 1,25,000 ඉක්මවයි‍

Jagath Leanage Thursday, 24 May 2018 01:25 PM

ළඟකදී ඉඳලා ලංකාවට හරිම නරක කලදසාවක් ලබලා තියෙන්නේ .

:       0       0

සතයපාල Thursday, 24 May 2018 02:25 PM

ජාතින් ආගම් සංස්කෘතික හා දේශපාලනමය වශයෙන් බෙදුනද අප හැමෝම එක මවකගේ දරුවෝ වගේ.මේ අවස්ථාවේ විපතට පත් අපේ සහෝදර ජනතාවට හැකි සෑම අයුරුකින්ම උපකාරිවෙමු. ඒ වගේම ඔවුනට අපගේ කණගාටුව පල කරමු .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site