දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල තලා වරිගේ කළු අප්පු ඇත්තන් (114) දැනට අසරණ වී සිටියි.
එක් තැන් වී සිටින ඔහුට පිළිසරණක් වීමට නොමැතිව ඔහුගේ බිරිය ඌරු වරිගයේ ලොක්කි කනස්සල්ලෙන් පසුවන්නීය.ඔහුගේ වයස අවුරුදු 114 කියි අනුමානය කැරෙයි.
කළු අප්පු ඇත්තන්ට ඇද වන සෑදීමේ ඉඩ කඩ වැඩි නිසා වතුර මෙට්ටයක් භාවිත කරන්නැයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇත.‘වතුර මෙට්ටයක් තියා කොහු මෙට්ටයක් වත් ගන්නට අපිට වත්කමක් නැහැ’ යැයි ඔහුගේ බිරිය පවසයි.
ලොව වයස්ගතම ආදීවාසී නායකයා මෙන්ම ආදී වාසීන්ට අභිමානයක් වු කළු අප්පු ඇත්තන් තව ටික කාලයක් ජීවත් කැර ගැනීමට නම් කෑම බීම ආදී අනිකුත් පහසුකම් ටික ලැබෙනවානම් රැහේ ඇත්තන් සතුටු වන බව හේනානිගල ආදී වාසී නායක තලාවරිගයේ ගුණබණ්ඩියා කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආදී වාසියා උදව් පතයි
දයා අලහකෝන් Wednesday, 26 March 2014 02:29 PM
මේ අත්තන්ට උදව් වෙන්න ඒ පළාත්වල ප්‍රාදේශීය සභා ඇත්තන්ට බැරිද (අ)
පද්මිණි Wednesday, 26 March 2014 02:32 PM
මෙය දැකල හිච්චි හුරෙක් හරි මහා හුරා හරි මේ ඇත්තාව නවලෝක පොජ්ජෙට ඇතුල් කරත්වා! (අ)
සහන් බණ්ඩාර Wednesday, 26 March 2014 02:58 PM
පද්මිණි ඇත්තිගේ මොලේ පොජ්ජට මක්ක වෙලයි, මේ කියාලා ඇත්තේ මහ හූරව තව කාලයක් ජීවත් කරවන්න ඕන කියාලා නොවැ.(නදී)
සේන Thursday, 27 March 2014 02:10 AM
වගකිවයුත්තන්ට මේ ගැන කියලා සහනයක් ගන්න බැලුවේ නැද්ද? (නි)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 26 March 2014 03:01 PM
ෂාහ්, කළු අප්පු ඇත්තෝ දකුණු පළාත් සභා මැතිවරණ බල ප්‍රදෙශයේ නම් අපේක්ෂකයෝ තරඟයට උදවු කරන්ට ඉදිරිපත් වේවි. (නදී)
කුමාරි Wednesday, 26 March 2014 04:55 PM
මලා......... බලන් ගියාම ඔක්කොම වැද්දෝ වෙලානේ. (ස)
සහන බණ්ඩාර Wednesday, 26 March 2014 05:21 PM
ලෙයින් මසින් සැදී තෙත් වන හදක් තියේ..... වැද්දෙක් වුණත් මනුසත්වයෙකි 'කුමාරියේ'.... (නි)
ටෙනිසන් Thursday, 27 March 2014 10:46 AM
සමහර අයගේ අදහස් දැක්කහම හරි කනගාටුවක් හිතෙනවා. මේ 'තම්බපණ්ණියේ' නියම උරුමක්කාරයෝ.අපි ඇයි ඔවුන්ට අවමන් කරන්නේ. යමක් කියන්න පෙර දෙවරක් හිතන්න. (ස)
චන්දි Wednesday, 26 March 2014 06:57 PM
වැදි පරපුරෙන් අපි සැම දෙන පැවතෙන්නේ.., අද දින කිමද මේ අවමන් ගෙන දෙන්නේ.., රෝගාතුරව ඔහු සයනේ සැතපෙන්නේ.., කොහොම සිතාපන් අපි පිහිටට යන්නේ... (ඉක්මන් සුවය පතන්නේ හදවත පතුලෙන්මයි ) (නි)
අසෝකා Wednesday, 26 March 2014 07:28 PM
අද ලංකාවේ ඉන්න සමහර දොස්තරවරු මිනිසුන්ට කරන්න ,ගන්න, කන්න, බැරි දේවල්ම කියනවා. 'එතකොට ලෙඩා මළත් දොස්තරගේ වරද නෙමෙයිනේ' කියන්න වගේ. මේ මිනිසුන්ට තියා සාමාන්‍ය මිනිසෙකුටවත් වතුර මෙට්ටයක් පාවිච්චි කරන්න වත්කමක් නැහැ කියලා නොදන්නවාවද්ද? (නි)
සමන්ති Wednesday, 26 March 2014 08:16 PM
අර වාහනයක් ගත්ත නායකයා මේ බව දන්නේ නැතුව ඇති මම හිතන්නේ.(නදී)