
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගෙන ගොඩ ගිය රටවල් ලෝකයේ නොමැති බව එදා ප්‍රකාශ කල අනූර කුමාර දිසානායක අද එම අරමුදල මත යැපෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ඇති බව නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා පැවැසීය.
හොරු අල්ලන බවට පොරොන්දු දී බලයට පැමිණි මාලිමා ආණ්ඩුව අද ඒ හොරකම, දූෂණය, මැරකම, එලෙසින්ම ඉදිරියට ගෙන යමින් සිටින බවද මනමේන්ද්‍ර මහතා චෝදනා කළේය.
මාලිමා ආණ්ඩුවේ උගතුන් බුද්ධිමතුන් සිටින බවට පම්පෝරි ගැහුවත් මේ වන විට රට ඉදිරියට ගෙන යෑම සඳහා ඔවුන්ට නිසි වැඩ පිළිවෙලක්,දර්ශනයක් හා හැකියාවක් නොමැති බව ඔප්පු කර ඇතැයි කී මනමේන්ද්‍ර මහතා ගෙවුන කෙටි කාලයේ ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනෙක් මහා ධනවතුන් බවට පත්ව සිටින බව පැවසීය.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ සරත් මනමේන්ද්‍ර මහතා තවදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ නොහැකියාව නිසා දිනෙන් දින රට විනාශය කරා ගමන් කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මරි මෝඩයන් පක්ෂ හදන එක නවත්තන්න ඕන. මහ බැංකු වාර්තාවක් කියවන්නවත් දන්නවද මන්දා?
ඉරිසියා කතා කියන්න එපා ,අද කරවල කුරියෙක්ගේ මිල කීයද ? සහල් කිලෝ එකක මිල කීයද ? පොල් ගෙඩියක මිල කීයද ? කෙසෙල් කැනක් කියක් වෙනවාද ? මිනිස්සු මේ ගොල්ලන්ගේ කැබ් එකට ඒවා නිකම්ම ගෙනත් පටවනවා , අර සමහර ලොකු ලොකු හාමුදුරුවරුනට ලැබෙන අටපිරිකර සියල්ල භාවිතා කරන්න බැරි නිසා වැඩි ඒවා කඩේට නැවත විකුණනවා වගේ , මේගොල්ල ඒවා විකුණලා දමනවා , හැමදාම ගල්ගුහාවල අගුපිලවල් වල ඉන්න බැරි නිසා එම මුදල් වලින් මන්දිර හදනවා, නිකම් ලැබෙන අඩුමිල කමිස , කලිසම් ,ජංගි වැනි ඇදුම් ටිකත් විකුණලා , එකෙන් හොඳ කොලිටි ඇදුම් ගන්නවා, ලස්සන රටක් පොහොසත් ජිවිතයක් කියල කිවේ මේකට ,
මොලේ උඩ වෙන්ඩැති ඉන්නේ.පහුගිය කාලවල මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවෝ කරපු හරිය නොදන්නා ,මැරිලා ඉපදුනු එකෙක් වෙන්ඩැති?
නිකන් මයික් පලන්නේ නැතිව කියන වංචා, දූෂණ නිශ්චිතව අදාල තැන්වලට දැනුම් දෙන්න.
පැලවත්තෙ රෙදි අපුල්ලන අයටත් හොදට ගෙවනවාලු.ඒ අයත් මාලිගා හදනවලු හැබැයි හීනෙන් ..
පක්සයේ නම තිබුනට මදි. ඉරිසියාව කුහකකම වයිරය බොරුව සමාජගත කරන එකයි කරන්නේ?