
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම කතානායක ආචාර්ය සපුමල් රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (3) පෙරවරු 9.30ට රැස්වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය හෙට (3) සහ අනිද්දා (4) පැවැත්වේ.
එම ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීම 4 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව අද (3) සිට ලබන 6 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත
මේ අතර රජයේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ලබන 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන ප්‍රකාශ වත් වැඩක් නැහැ ,රටේ වන සතුන්ගේ හානිය නැති කරන්න වැඩපිළිවෙලක් ඉක්මනින්ම හැදුවේ නැත්නම් . ගෝටාභයටත් උනේ එක තමා ,උලින්ම
තිලකරත්නගේ ප්‍රශ්නය දෙපැත්තක් තියෙනවා, එකක් ලංකාවේ වනාන්තර එළි කරලා වගා කරන අනවසර කට්ටියක් ඉන්නවා අනිත් අය බදුර්දීන් වගේ කෑලෑ කපලා ඒවා එක එකාට දෙනවා, ඉතින් වන සත්තු ගම් වදිනවා.