(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව බාරදුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.
මෙම න්‍යාය පුස්තකය නිකුත් කර ඇත්තේ පසුගිය 6 වැනිදා සිකුරාදා දාතමින් යුතුවය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල දැක්වෙන අන්දමට ඕනෑම විශ්වාසභංගයක් විවාදයට ගැනීමට දින තීරණය කිරීමට පෙර එය න්‍යාය පුස්තකයේ දින පහක් තිබිය යුතුවේ.
ආණ්ඩුවට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජන බලවේගය පක්ෂය විසින් කතානායකවරයාට පසුගියදා බාරගනු ලැබීය.
එම යෝජනාවට අත්සන් තබා ඇති එම පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 44 කි.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සාමූහික වගකීම සහ උත්තරදීම පැහැර හැරීම, පාර්ලිමේන්තුව සතු මුදල් බලය අන්තනෝමතිකව පවරා ගැනීමට කටයුතු කිරීම, රාජ්‍ය මූල්‍ය තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම පැහැර හැරීම සහ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය සහිත රට බවට පත් කර රට බංකොලොත්භාවයට පත් කිරීම , රටේ ආහාර සුරක්ෂිතතාව නැති කිරීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනීමරුවන් සිරගත කරන්නට පාර්ලිමේන්තුව කටයුතු නොකරන්නේ නම්... මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරුන්ගේ රෙද්ද අස්සේම හැංගියල්ලා. ගමට යන්න හිතන්න එපා.