IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආණමඩුව සතොසට ගෙනා ආරක්කු ලොරිය පන්නා දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් අස සවස  රැගෙන ආ අරක්කු තොගය  බෑමට ඉඩ නොදී  ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක්  කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි  ආණමඩුව පොලිසිය කියයි.

මෙසේ අදාල අරක්කු තොගය ආපසු හරවා යවා ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලනාඥයකුගේ ආධාරකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

ආණමඩුව සතොස ආයතනයට අරක්කු අලේවිය සදහා ලැබුණු බලපත්‍රයකට අනුව අරක්කු පලමු තොගය සතොසට  රැගෙන විත් ඇති නමුත් එය සතොසට නිකුත් කිරීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදි ඇති දේශපාලනාඥයක්ගේ ආධාරකරුවන්  බව කියන පිරිස අදාල ලොරිය ආපසු හරවා යන‍ ලෙසට තර්ජනය කර ඇති බව කියයි.

මෙයට හේතු වි ඇත්තේ එම දේශපාලනාඥයාගේ ද  අරක්කු අලේවි කිරීමේ ස්ථානයක් ආණමඩුව නගරයේ පිහිටා තිබිම බවත් සතොස ආයතනයට අරක්කු ලබා දිමේන් පසු එහි අලේවිය පහත වැටිම හේතුවෙන් මෙසේ සිදුකර ඇති බව වාර්තා‍ වෙයි.

 



අදහස් (7)

ආණමඩුව සතොසට ගෙනා ආරක්කු ලොරිය පන්නා දමයි

Demuni Uduwara Wednesday, 28 July 2021 03:48 AM

නීතියක් නැති රටක්!

:       0       0

ලුම්බිණි Wednesday, 28 July 2021 05:50 AM

කෝ අර එකම නීතිය?

:       0       0

Puppa Wednesday, 28 July 2021 06:02 AM

නීතිය කාටත් එකයි අපේ සර්

:       0       0

පිට්ගල මිලානෝ Wednesday, 28 July 2021 09:21 AM

එක රටක්... එක නීතියක්...!

:       0       0

jagath Wednesday, 28 July 2021 10:29 AM

බොහෝම හොඳවැඩක්..., කළේ නරක දෙයක් වුණත්... සුරාසැලක් විවෘත කිරීමට ඉඩ නොතැබිය යුතුයි.

:       0       0

fairoos Wednesday, 28 July 2021 01:41 PM

සර්ගේ අයනේ අවුලක් නැහැ

:       0       0

sapumal Wednesday, 28 July 2021 05:01 PM

අහන්න තියෙන්නේ ඔබට සතුටුයිද දැන් කියලා තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site