(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධවීමට දැන් දැන් අදි මදි කරමින් සිටින බව වාර්තා වේ.
එසේවී ඇත්තේ මුදල් අමාත්‍ය ධූරය ඉල්ලා එය නොලැබීම නිසා බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
ඔහුට ආණ්ඩුවෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍ය ධූරයයි. එහෙත් ඔහු ඊට එකඟවී නැතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයේ සෙසු අමාත්‍යවරුන් පත් කිරීම ලබන සතියේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එය මෙසේ ප්‍රමාද කර ඇත්තේ අයවැය විවාදයන්හිදී එම කාරණය යම් විවේචනයකට ලක්වීමේ ඉඩකඩ වැළැක්වීම සඳහා බව දැනගන්නට ඇත.
මේ අතර අමාත්‍යවරුන් පත් කිරීමේදී රාජ්‍ය අමාත්‍යවරුන් මුලින්ම පත් කිරීමට රජය සැලසුම් කර ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ආණ්ඩුවට එන්න හිටි ස.ජ.බ ලොක්කෙක් පස්ස ගහයි
ravin Saturday, 27 August 2022 11:25 AM
හොරු රැලට පණ දෙන්න වෙන්න ඇති. ලෝක බැංකුව නිකුත් කරන නිවේදන අනුව නම් පෙනෙන්නේ නිසි විගනනය අංක එක කියලා.
සමිත අලුත්ගමගේ. Saturday, 27 August 2022 12:55 PM
අපි සුද්දන්ට බැන්නට, මේ රටේ දේශපාලකයින්ව සතපහකට හෝ තඹ දොයිතුවකට විශ්වාස කරන්නට බැහැ. රටම හොරාකාපු දේශපාලකයින් මහා ධන සම්භාරයක් උපයාගෙන සුර සැප විඳිනවා. ඒත් බොරුවට කෑ කෝ ගැහුවට අනිත් දේශපාලකයින් ඔවුන් අල්ලා නීතිය ඉදිරියට ගෙනඒමට උදව් කරන්නේ නැහැ. රට විනාශ කළ අය සුවසේ නිදැල්ලේ. සුළුසුළු දේවලට නීතිය තදින් ක්‍රියාත්මක වන බවක් පෙනේ. අහෝ.. සැමට පොදු හා සාධාරණ විය යුතුයි.
KesaraSunday, 28 August 2022 09:54 AM
මේ ඡන්ද ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, පරිපාලන ආයතන, නීතිය සේරම සුද්දා හදලා ගියපුවා තමයි. ඔවුන් ඒ හදලා ගියේ අපිව රූකඩ වගේ නටවන්න පුළුවන් සිස්ටම් එකක්. ඒක වෙනස් කරන්න යන ඔවුන්ගේ නූල් ටික ඔවුන් හිමීට කපලා දැම්මා එදා ඉඳන්... තාමත් ඒ සිස්ටම් එකේ දුක් විඳවිඳ, සුද්දට ආවඩන අය නම් මිනිස්සු වෙන්න බෑ...!
උපාලි Saturday, 27 August 2022 02:48 PM
අපේ අචාරි හරිෂ නම් නෙවෙයි ඔන්න...!
සුරංග Sunday, 28 August 2022 06:01 AM
මුදල් සම්බන්ධ බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා කිව්වට දැනටත් මෙයට පෙරත් මුදල් ඇමැතිවරයා ලෙසට විධායකය (ජනාධිපති) කටයුතු කල අවස්ථා තියෙනවා... එය පාර්ලිමේන්තුවේ බලය උදුරා ගැනීමක් කියන්න පුළුවන්. මෙම තත්වය රට මෙලෙස අගාධයට වැටීමට හේතුවුණා කියලා කියන්න පුළුවන්... එය මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙසට කටයුතු කිරීම නිසා හොඳින්ම පේනවා...
fairoos Sunday, 28 August 2022 12:08 PM
ඉන්න ඩීල් කාරයෝ ටික පන්නන්නම ඕනෑ. නැතිනම් රට තවත් වලපල්ලට...
BamunuarachchiSunday, 28 August 2022 02:07 PM
ඒක තමයි මුස්ලිම් සෙට් එක නැති ආණ්ඩුවක් හදන්න කියන්නේ...!