ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය රංග කලන්සුරිය පත් කරනු ලැබ සිටියි. ජනමාධ්‍ය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධියක් දිනා සිටින කලන්සුරිය සෝමාදේවී පරණයාපා අභාවප්‍රාප්ත මාධ්‍යවේදීනියගේ පුත්‍රයාය. පියා හිටපු උප දිසාපතිවරයකුව සිටියදී අභාවප්‍රාප්ත විය.
රංග කලන්සූරිය මහතා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායකවරයා ලෙස ද කටයුතු කළේය.
ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකයා ඔහුය. ඔහු මලයාසියාව,පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙකි.
කලන්සුරිය මහතා ලේක් හවුස් ආයතනයේ දිනමිණ හා ඩේලි නිවුස් පුවත්පත් හි මාණ්ඩලීය මාධ්‍යවේදීයක් විය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.