IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට මුදල් සභාවේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මේ අනුව අන්ත දිළිඳු පවුල් සඳහා  දෙන රුපියල් පහළොස් දහසේ දීමනාව රුපියල් දාහත් දහස් පන්සියය දක්වාත්, රුපියල් අටදහස් පන්සියයක දීමනාව  රුපියල් දස දහසක් දක්වාත් ,රුපියල් දෙදහස් පන්සියයක දීමනාව  රුපියල් පන් දහසක් දක්වාද  රුපියල් පන්දහසක  දීමනාව  නොවෙනස්ව පවත්වා ගෙනයෑමටත්  මෙසේ අනුමැතිය  ලැබී අැත

මේ අතර සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්  ගෙන ආ  යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

ඒ අනුව  සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.

සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතනවලට  ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා  ලෙස   රජයේ මුදල් පිළිබඳ කාරක  සභා  සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම තීරණ ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.



අදහස් (11)

අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට මුදල් සභාවේ අනුමැතිය

Lalla Wednesday, 15 January 2025 04:43 PM

සහනාධාර පෝලිම්වලට වැඩිකරන දීමනාව ගෙවන්නේ ආණ්ඩුවේ පාර්ශ්ව කරුවන්ගේ මුදල්ද? බදු ගෙවන්නන්ගේ මුදල්ද? ඇයි මෙතරම්ම නිකමුන් ප්‍රවර්ධනය කරන්නේ?..

:       4       12

priyanga Wednesday, 15 January 2025 08:10 PM

අසරණ මිනිසුන් ඉන්නවා. කාගෙන් වත් මුදලක් වත් ඉල්ලා ගැනීමට නොහැකිව...

:       1       6

Mali Wednesday, 15 January 2025 09:45 PM

5000 දීමනාවට තමයි කුඩම්මගෙ සැලකිලි

:       3       7

U.l p wickramasingheSaturday, 18 January 2025 08:13 PM

මට ළමයි 3යි... හැබැයි 5000යි හම්බ වෙන්නේ...

:       0       1

ඕ. ඩී. ඉරේෂා ප්‍රියදර්ශනී Thursday, 16 January 2025 03:18 PM

සැමියා හා බිරිඳ මියගිය රජයේ සේවයේ කම්කරු තනතුරු වල සේවය කරන අයට දරුවන් සදහා දෙන මුදල ලබා දෙන්න

:       0       1

Sameera Thursday, 16 January 2025 04:10 PM

අපි ඉන්නේ ලිමා කාමරේක... 5000 වැඩි කරන්නේ නැත්තේ ඇයි..? අනිත් හැම කෙනාම වැඩි කරනවා.

:       1       2

Anil Thursday, 16 January 2025 08:01 PM

අස්වැසුම ගැන හරිම දුකයි කියන්න දෙයක් නෑ

:       0       0

Chaminda Thursday, 16 January 2025 10:59 PM

මම ඉන්නෙ කුලියට, ලමයි දෙන්නෙක් ඉන්නවා උදව් කරන පුළුවන්ද?

:       0       1

Sachi Friday, 17 January 2025 01:38 PM

අපේ ගම්වල සහනාධාර දෙන්නේ දුප්පත් අයට නෙවෙයි, පෝසත්ම අයට... නිකමුන්ට සල්ලි දීලා... නිකන් බිහිකරන්න හොඳ නෑ.. අපේ ගම්වල දුප්පත්ම අයටනේ පවු...!

:       0       3

Km G Sadarenu Monday, 20 January 2025 04:26 PM

අපි 4 දෙනෙක් ඉන්නවා. ලොකු බාබා ආබාධිතයි... ඒත් 5000යි දෙන්නේ එයාගේ පැම්පස් ගත්තාම හරි...

:       0       0

Namal Friday, 24 January 2025 11:52 PM

මට 2500 තිබුණා... එය වැඩිකරලා නැහැ... ජනවාරි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site