
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මේ අනුව අන්ත දිළිඳු පවුල් සඳහා දෙන රුපියල් පහළොස් දහසේ දීමනාව රුපියල් දාහත් දහස් පන්සියය දක්වාත්, රුපියල් අටදහස් පන්සියයක දීමනාව රුපියල් දස දහසක් දක්වාත් ,රුපියල් දෙදහස් පන්සියයක දීමනාව රුපියල් පන් දහසක් දක්වාද රුපියල් පන්දහසක දීමනාව නොවෙනස්ව පවත්වා ගෙනයෑමටත් මෙසේ අනුමැතිය ලැබී අැත
මේ අතර සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ගෙන ආ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ.
සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතනවලට ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම තීරණ ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහනාධාර පෝලිම්වලට වැඩිකරන දීමනාව ගෙවන්නේ ආණ්ඩුවේ පාර්ශ්ව කරුවන්ගේ මුදල්ද? බදු ගෙවන්නන්ගේ මුදල්ද? ඇයි මෙතරම්ම නිකමුන් ප්‍රවර්ධනය කරන්නේ?..
අසරණ මිනිසුන් ඉන්නවා. කාගෙන් වත් මුදලක් වත් ඉල්ලා ගැනීමට නොහැකිව...
5000 දීමනාවට තමයි කුඩම්මගෙ සැලකිලි
සැමියා හා බිරිඳ මියගිය රජයේ සේවයේ කම්කරු තනතුරු වල සේවය කරන අයට දරුවන් සදහා දෙන මුදල ලබා දෙන්න
අපි ඉන්නේ ලිමා කාමරේක... 5000 වැඩි කරන්නේ නැත්තේ ඇයි..? අනිත් හැම කෙනාම වැඩි කරනවා.
අස්වැසුම ගැන හරිම දුකයි කියන්න දෙයක් නෑ
මම ඉන්නෙ කුලියට, ලමයි දෙන්නෙක් ඉන්නවා උදව් කරන පුළුවන්ද?
අපේ ගම්වල සහනාධාර දෙන්නේ දුප්පත් අයට නෙවෙයි, පෝසත්ම අයට... නිකමුන්ට සල්ලි දීලා... නිකන් බිහිකරන්න හොඳ නෑ.. අපේ ගම්වල දුප්පත්ම අයටනේ පවු...!
අපි 4 දෙනෙක් ඉන්නවා. ලොකු බාබා ආබාධිතයි... ඒත් 5000යි දෙන්නේ එයාගේ පැම්පස් ගත්තාම හරි...
මට 2500 තිබුණා... එය වැඩිකරලා නැහැ... ජනවාරි...!