IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අසාර්ථක වීමට හේතුව සන්නිවේදන පරතරයයි:

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම අසාර්ථකවීමට හේතුව ක‍්‍රීඩකයන්, තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් අතර පැවැති සන්නිවේදනය පරතරය බවත් ඉදිරියේදී මෙම පාර්ශව තුන අතර හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට එකඟ වූ බවත් ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඇතැයි කියන අභ්‍යන්තර ගැටලූ හඳුනා ගෙන ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්, තේරිම් කමිටු නිලධාරීන් සහ ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ඊයේ (29) පෙරවරුවේ ක‍්‍රීඩා අමාත්‍යංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකා පිල මේ වන විට මාස හතක පමණ කාලයක් තුළ තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් එංගලන්ත,  ඕස්ටේ‍්‍රලියානු සහ පාකිස්තානු යන සංචාර තුනේදීම දැඩි පසු බෑමකට ලක්විය. නායක තිලකරත්න ඩිල්ෂාන්, තේරීම් කමිටුව සහ ප‍්‍රධාන පුහුණුකරු අතර හොඳ සන්නිවේදන මට්ටමක් පවත්වා ගෙන යෑම කණ්ඩායමේ සාර්ථකත්වයට වඩාත් වැදගත් බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කළ බව වාර්තා වේ. ක‍්‍රීඩකයන් තේරීමේදී ක‍්‍රීඩකයන්ගේ විශ්වාසය පළුඳු නොවන ලෙස තේරීම් කමිටුව කටයුතු කිරීම වැදගත් බවත්, නවක ක‍්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කිරීමේදී සහ ඉවත් කිරීමේදී ඔවුන්ගේ මානසිකත්වය බිඳ නොවැටෙන ආකාරයට කළ යුතු බවත් මෙහිදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෝ පෙන්වා දුන් බව වාර්තා වේ. තිලකරත්න ඩිල්ෂාන්ට උපරිම සහයෝගය ලබා දෙමින් ඉදිරියේදී පැවැත්වෙන දකුණු අප‍්‍රිකානු සංචාරය සාර්ථක කර ගැනීමට සියලූ දෙනාම රට වෙනුවෙන් උපරිම කැප වීමෙන් ක‍්‍රීඩා කරන බව ද ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් පැවසූ බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි. ක‍්‍රීඩකයන් සහ තේරීම් කමිටුව අතර දැනට ඇති දුරස්ථ බව ඉදිරියේදී වඩාත් සමීප සම්බන්ධතාවක් බවට පත්කර ගතයුතු බවත් තේරීම් කමිටුව, ක‍්‍රීඩකයන්ගේ මානසික මට්ටම බිඳ නොවැටෙන ලෙස කටයතු කළ යුතු බවත් මෙහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසූ බව වාර්තා වේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, නායක තිලකරත්න ඩිල්ෂාන්, ලසිත් මාලිංග සහ උප නායක ඇන්ජලෝ මැතිව්ස් යන ක‍්‍රීඩකයෝ ද, තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මහතා ඇතුළු තේරීම් කමිටු සාමාජිකයන්, ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිසි බලධාරී උදය සෙනෙවිරත්න සහ ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර යන මහත්වරු සහභාගි වූහ. ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ



අදහස් (0)

අසාර්ථක වීමට හේතුව සන්නිවේදන පරතරයයි:

ලාල් නන්දසිරි Saturday, 03 December 2011 02:18 AM

හොඳක්ම වේවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site