
(උදුගොඩ වාර්තාකරු )
බුලත්කොහුපිට්ය කිරිපෝරුව ප්‍රදේශයේ වතු ගම්මානයේ සිට් වයස අවුරුදු හතර හමාරක කුඩා දැරියකගේ මළ සිරුරක් පාළු ළිදක තිබී සොයා ගත් බව රුවන්වැල්ල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අමායා දෙව්මි නම් දැරියකි.
මෙම දැරිය පෙර පාසල් යන බවත් පෙර පාසලේ දුන් ගෙදර වැඩ සිදුකොට සිය මව සමග රාත්‍රී 11.00 පමණ නින්ද ගොස් ඇති බව ඇගේ ම්ත්තනිය පවසන බවත් පොලීසිය කියයි.
පසු දින දැරිය සහ මව නිවසේ නොමැතිබව දැන සොයා බලා තිබේ.
මොවුන් පදිංචි වත්ත අසල මළගෙදරක ගොසින් එන පිරිසකට ඇසුණු හඩකට අනුව පරීක්ෂා කිරීමේදී පාළු ළිද අසල මව වැටී හිද ඇති අතර දරුවාගේ සිරුර ළිදේ පාවෙම්න් තිබෙනු දැක ඇත.
පසුව පිරිස එක්ව හදිසි ගිලන් රථ සේවාව මගින් මව ප්‍රතිකාර සදහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලීසිය කියයි.
මෙම දියණියගේ මව සහ පියා කථන ආබාධායකින් පෙළෙන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd