(සමන් පාලිත නානායක්කාර)
නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක ශ්‍රමදාන වැඩසටහනකට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතා ද මේසන් හැන්ද හා මනිස් ලෑල්ල අතට ගෙන බිත්ති බැදීමේ නිරත විය.
හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේදී නාය යාමෙන් විපතට පත්ව වසර දෙකකට අධික කාලයක සිට කඳවුරු ගතව ජීවත්වන පවුල් 50 ක් වෙනුවෙන් නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් මෙම ශ්‍රමදාන වැඩසටහන පැවැත්විණි.
එක් පවුලක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙකක මුදල් ආධාර හා පර්චස් දහයක ඉඩමක් ලබාදීම මත නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.
මෙම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවින්ද්‍ර බණ්ඩාර, කිට්නම් සෙල්වරාජ්, අම්බිගා සැමුවෙල් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් රාජපක්ෂ ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. ශ්‍රී ලංකා යුධ හමුදාව මෙහි ඉදිකිරීම් දායකත්වය දරයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අවතැන් වූවන්ට ගෙවල් හදන්න මැති ඇමැතිවරු මේසන් හැන්ද අතට ගනී
ගුණරත්න Sunday, 29 June 2025 11:50 AM
ඇමැති කියන්නේ පොලිසි මේකර්, ඒ කියන්නේ ප්‍රතිපත්ති හදන හාදයා, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ඇමැතිලා මේසන් හැන්ද මනිස් ලෑල්ල අරන් මේසන් වැඩ කරන එකද මේසන් වැඩ කරන ඔවුන්ගේ හෝ ඔවුන්ට ඒ වැඩ පවරන අය, වැලි ගොඩ දාන අය හෝ ඒ විදියට සමාජේ යම් වැඩ කොටසක් කරන අයගේ ජීවිත හොඳ අතට පත්කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති ගෙනෙන එකද?
සෙනෙවිරත්න Monday, 30 June 2025 03:33 AM
ඒකද තමුන්ල මලගෙදර ගිය එකා බජාර් කරපු එවුන් හොඳයි කිව්වෙ? දැක්කෙ නැද්ද මෙතන ශ්‍රමදාන කතාවක්, සංකේතයක් ලෙස තමන් ටික වෙලාවක් වැඩ කරන එක නරකද? මේවයින් ගසා කාපු අයට දැන් කහඹිලිය ගෑවුන වගේ