IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


අලුත උපන් දරුවා වැව් පිටියේ දමා ගිහින්

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

අළුත උපන් ළදරුවකු  බණඩාරකොස්වත්‍ත ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටියදී කාන්තාවකට අද (25) උදෑසන හමුවී ඇති බව වාරියපොල පොලිසිය කියයි.

පොලිසිය මැදිහත්ව ළදරුවා 1990 ගිලන් රථය මගින් නිකවැරටිය මූලික රෝහල වෙත යවා ඇත. දරුවා හොද සෞඛ්‍ය තත්වයෙන් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කාන්තාවක් තම ගවයින් බැදීමට යන අවස්ථාවේ දී අවට කැලෑ රොදකින් දරුවකු හඩන ශබ්දයක් ඇසී සොයාබැලීමේදී පොහොර උරයක දමාසිටි මෙම ළදරුවා හමුවී ඇත. එම අවස්ථාවේ දීම ගම්වාසීන් එක්ව පොලිසියටත් ගිලන් රථයටත් කතාකර ළදරුවා රෝහල් ගතකළ බව ගම්මු කියති.



අදහස් (13)

අලුත උපන් දරුවා වැව් පිටියේ දමා ගිහින්

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 25 September 2022 02:40 PM

අනේ මේ පුංචි කිරිකැටි බිළිඳා මේ කාන්තාව නොසිටින්නට මේ වෙනවිටත් අනතුරකට පත්වෙන්නට ඉඩ තිබුණා. මේ කාරුණික කාන්තාවට හා ගම්වාසීන්ට ස්තූති වේවා ... !! පුංචි සුරතල් බිළින්දෝ ඔයාට ජීවත් වෙන්නට විශාල පිනක් හා වාසනාවක් තිබුණා. ඒත්, සසර වසනාතුරා ඔයාට මෙවන් අකාරුණික මවක් නොලැබේවා...!!!

:       3       85

ගමේ එකාලා Sunday, 25 September 2022 03:22 PM

කිරිසප්පයාගේ ජීවිතේ බේරාගැනීමට ලැබීමත් ලොකු දෙයක්. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ සියලුම දෙනාට බොහොම පින්...

:       4       83

Ruhunu Sunday, 25 September 2022 04:05 PM

මේ අම්මා නොහිටියා නම් දරුවගේ ජීවිතය නැතිවෙන්න ඉඩතිබුණා.

:       3       57

santhu Sunday, 25 September 2022 05:11 PM

අනේ දෙවියනේ, උවමනා නැතිනම්, දරුවන් බලාපොරොත්තුව ඉන්න ලක්ෂ ගණන් දෙමාපියන් හට මේ වැනි කිරි සප්පයන් දෙන්න බැරිද?

:       4       51

B, A alahapperuma Sunday, 25 September 2022 06:23 PM

අපිට දෙන්න ළමයි... අපිට වැඩි නෑ..

:       3       38

ChannaMonday, 26 September 2022 11:28 AM

බලාගෙන නොදන්න දෙමාපියන්ගේ දරුවන් හදාගන්න යන්නේ... සමහරවිට හදාගන්න ගත්තු දෙමාපියන්ව පාරට බස්සලා තමයි පස්ස බලන්නේ... පුළුවන් හැම මාසෙකම ළමා නිවාසයකට දානයක් දෙන්න.

:       1       8

ආනන්ද Tuesday, 27 September 2022 09:46 AM

ළමා නිවාස කිව්වාම මෑතකදී ලැබූ අත්දැකීමක් නිසා හරියට පිළිකුලක් ඇතිවුණා සමහරක් මිනිස්සු ආදායම් මාර්ගයක් ලෙසට ළමා නිවාස වැඩිහිටි නිවාස හදනවා (සමහරක් එවුන් ළමා නිවාස හරහා ආගම් ප්‍රවර්ධනය කරනවා. සමහරක් පූජක පක්ෂයේ අය නිවාසයට එන්නේ ඇඳුම් වෙනස්කර ගෙන..) උපරිමයෙන් ගසා කනවා අධීක්ෂණය කරන්න සිටින අයටත් වාසියක් නැහැ කියන්න බැහැ. ළමා නිවාසයක් හැදෙනවා කියන්නේ ලංකාවේ තිබුණු සාරධර්ම වියැකී යාමක් තමයි. ඒවායේ සිටින දරුවන් සමාජයට ගියාම හරියට ගැටලු වෙනවා. මොකද වැඩක් පලක් නොකර කකා බිබී හිටියම වැඩක් කරන්න බැහැ. නිවසක ඉන්නේ කොහොමද දන්නේ නැහැ... කූඩැල්ලා කොට්ටේ තියන්න බැහැ වගේමයි ළමා නිවාසවල දරුවන්ගෙන් වැඩක් ගත්තොත් ළමා රක්ෂණයෙන් හෝ ළමා හිමිකම් නිලධාරින් ලෙඩ දානවා. ඒ නිසා ළමුන්ට වැඩක් පුරුදු කරන්න බැහැ. මම අත්දැකීමෙන් කියන්නේ... තවත් සමහර අය රජයේ ළමා නිවාස වෙනුවෙන් ආධාර පත්‍රිකා එකතුකර ගසා කෑම් ආරංචි වෙනවා.. නමුත් බලන්න කෙනෙක් නැහැ...

:       0       0

චමින්ද Sunday, 25 September 2022 07:15 PM

බුදුහාමුදුරුවන්ට වෙදකම් කළ ජීවක වෙදැදුරු තුමාත් මෙහෙම වෙච්චි කෙනෙක් තමයි. මේ දරුවාත් එවැනි දක්ෂ‍‍යෙක්ම වේවා...!!!

:       2       42

dhamneth Sunday, 25 September 2022 09:16 PM

වසර 15 දී පමණ තරුණ තරුණියන්ට ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතුයි.

:       0       3

Dasa P Sunday, 25 September 2022 10:26 PM

මේ දරුවා ගොඩක් පින් කරපු කෙනෙක් වෙන්න ඕනෑ.... මෙහෙම ජීවිතේ බේරුණේ.. ඔන්න පින්වත් පවුලකට දරුකමට හදාගන්න නියම දරුවෙක්...

:       0       3

මොහොඩයා Sunday, 25 September 2022 11:44 PM

දැන් මේ ආර්ථිකය විනාශ වුණු, බෙහෙත් හිඟාකන්න නැති රටේ මේ ළමයාටත් අවුරුදු 70ක් විතර ‌ජීවත් වෙවී විඳවන්න සිද්ධ වෙනවා පව්...

:       0       4

ganegoda Monday, 26 September 2022 12:42 PM

මේ පුණ්‍යකර්මය කරගත්ත මේ අම්මාවත් අපි අමතක නොකරමු...!

:       0       4

බද්රානි Monday, 26 September 2022 03:06 PM

දැන් ඔය කාන්තාවට ගල්ගසා මරන්න දඟලන පුද්ගලයින් මෙවැන්නක් කිරීමට හේතු සාධක වෙන කරුණු ගැන නිකමටවත් කතා කළාද? සමහරු හරියට කතා කරන්නේ ලාංකික ගෝත්‍රික අදහස්වලින් පිරුණු අමන ම්ලේච්ඡ සමාජය ගැන නොදන්නවා වගේනේ... කතාවේදී නම් ඔක්කොම බෝධි සත්වයින් වගේ...?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 605 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 346 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site