(හෙන්රි ලයනල්)
රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාලයේ වෙන්කර ඇති ස්ථාන දෙක වසර පහක් ගතවනතුරුත් එම කටයුතු සඳහා බදු ක්‍රමයට හෝ කුලී පදනම මත ලබාදීමට දුම්රිය බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් ගත වූ කාලයේදී රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් වී ඇතැයි වාර්තා වෙයි.
මේ බව වාර්තා වූයේ පරිසරය ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නපපෙරුම මහතා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් එහි නිරීක්ෂණ චාරිකාවේ යෙදුණු අවස්ථාවේදීය.
එහි ඉහළ මාලයේ වෙළෙඳ කටයුතු සඳහා වෙන්කර ඇති කොටසේ වර්ග ප්‍රමාණයවර්ග අඩි 2600 කි.පහත මාලයේ එම ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 4300 කි. ඒ අනුව වෙළෙඳ කටයුතු සඳහා වෙන්කර ඇති මුළු ඉඩ ප්‍රමාණය වර්ග අඩි හත්දහසකටආසන්නය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස සිටි අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙන් 2019 ජුනි 22 වැනිදා මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කර ඇත.
නිල නිවාස විස්සකින් සමන්විත මෙම ගොඩනැගිලි සමූහයේ රජයට ආදායමක් ලබාගත හැකි ව්‍යාපාරික ස්ථාන දෙක පිළිබඳව වසර පහකටත් වැඩි කාලයක් නිහඩ පිළිවෙතක් අනුගමනය කළ දුම්රිය ප්‍රධානීන් නිල නිවාස නිල උත්සවය අවසන් වී දින කීපයක් ඇතුළත අත්පත් කර ගැනීමට කටයුතු කර ඇතැයි කියති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
Lalla Thursday, 18 July 2024 10:24 AM
දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ රටේ සල්ලි ගිලින බහිරවයෙක් විතරයි. කොන්ද පන තියෙන ඇමතියෙක් ඉදීරිපත් වෙලා ඕක කලමණාකරනය පෞද්ගලික අංශයට දෙන්න. 50% නිකමුන් ගෙදර යවන්න පුලුවන්. ඔයිට වඩා විශිෂ්ට සේවාවක් එක්ක.
fairoos Thursday, 18 July 2024 03:47 PM
පොහොට්ටුවේ ආණ්ඩුව රටට කරපු එක හොඳ දෙයක් තියනවද ?කාලකන්නි රට කෑවා ?