
(රෝෂන් තුෂාර)
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනා ලබන 08 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (05)නියෝග කළේය.
නියෝජ්‍ය කොමසාරිස් වෙල්ගම ,සාන්ත ප්‍රිය හා මර්වින් යන සැකකරුවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි .
කොමිසම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ මගී බස් රථ විශාල ප්‍රමාණයක හිමිකරුවකු වන පැමිණිලිකරුට අලුතින් මිලට ගත් බස් රථයක ලියාපදිංචි පොත ලබා දීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් ප්‍රථමයෙන් ලබාගෙන ඉතිරි ලක්ෂ දෙක ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන අටවැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස විමර්ශන ප්‍රගතිය ලබන අටවැනි දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
420
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්