(ඩී.ජී.සුගතපාල)
තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) සවස මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හිනිදුම කුඹුරේගොඩ හබරකඩ තවලම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ නිවසේ විදුලිය විසන්ධිවිම නිසා එම නිවසට යාබදව පිහිටි නිවසින් වයරක් ඇද විදුලිය ලබා ගැනිමට වයරය සවි කිරිමේදි විදුලි සැර වැදි මියගොස් ඇත.
පළමුව ඔහු නෙළුව මැදගම රෝහලට ගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවය.
පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර හෙට කරාපිටිය රෝහල වෙත ගෙන ඒමට නියමිතය.හිනිදුම පොලිසිය විසින් සිද්ධිය සම්න්ධයෙන් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලියත් එක්ක සෙල්ලම් බැහැ.