
(රෝෂන් තුෂාර)
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය නිකුත් කරන රියදුරු බලපත් කාඩ් පත කඩිනමින් ලබාදීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පුද්ගලික රියදුරු පුහුණු ආයතන හිමිකරු ලබන 18 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය.
අල්ලස් කොමිසම් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දිනවල අලුතින් රියදුරු බලපත් ලබාගත් අය සහ බලපත්‍ර අලුත් කල අයට කාඩ් පත වෙනුවට ලබා දුන්නේ කොලයක්. බොහොමයක් රියදුරු පුහුණු පාසල්වල අයිතිකරුවන් සහ සමහර අතර මැදියන් බලපත්‍ර කාඩ් පත ලබාදීම සඳහා රු. 5000 සිට 7000 දක්වා මුදලක් ලබාගත් බව මා හොඳින්ම දන්නවා. ඒ ලබාදෙන කොළය තබා ගැනීමට අසීරු නිසා, ඉක්මණින් ඉරී යන නිසා බොහොමයක් අය මේ විදියට හරි කාඩ් පත ලබා ගැනීමට පෙළඹුණා. මිනිසුන්ව වැරදි වලට පොළඹවා පසුව දඬුවම් දෙනවා වෙනුවට වැරදි කිරීමට ඇති මාර්ග ඇහිරීම නේද කරන්න ඕන?
මේ අල්ලස් ගැනීම නම් මහ වසංගතයක්! සේවා සපයන සෑම ආයතනයකම පාහේ කීයක් හරි, කාට හරි නොදී සේවාව ඉටුකරගත නොහැකි තත්වයක් මතුවෙලා...
පෞද්ගලික ආයතන වලින් යන අය විතරක් නෙමෙයි. වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියන්නේම හොර ගුහාවක්.රටේ දුෂිතම ආයතන වලින් එකක්. අල්ලස් වලට කප් ගහපු ආයතනයක්. පගාව දීල ඕන දෙයක් කරගන්න පුළුවන් තැනක්. පාලකයෝ හොරු උනහම රාජ්‍ය සේවකයෝ හොරු වෙන එක සාමාන්‍ය දෙයක්.
මෙම අල්ලස් සම්ප්‍රදාය මෙලෙසින්ම නොවෙනස්ව පවත්වාගෙන යෑම සඳහා මෙතෙක් කල් රට පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙකින් එකකට ඡන්දය දෙන්න...!
ඕක මොකද්ද, වේරහැර ගිහින් අලුත් කරන්න බලද්දී සාමාන්‍ය ක්‍රමයෙන් කරන්නත් පුලුවන්, සල්ලි වැඩිවෙන් දුන්නොත් එක දවසින් ගන්නත් පුලුවන්. ඒක ත් එක්තරා විදියට නිල විදියට ආන්ඩුවෙන් ම පගාව අරන් වැඩේ කරනවා නේද.... සාමාන්‍ය විදියට කරලා කාඩ් එක එන්න මාස 14ක් ගියා මට..