
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතා ඇතුළු දෙදෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුගේ කාර්යාලයේදී අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූහ.
මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් වෙනුවෙන් අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර රියදුරෙක්ද සිටී.
මෙම අල්ලස් ඉල්ලීම පිළිබඳව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව අමාත්‍යවරයා සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ව්‍යාපාරිකයා අල්ලස් කොමිසමට යොමු කළේය.
මේ පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීහු කණ්ඩායමක් එම කාර්යාලයට ගොස් විශේෂ උපක්‍රම අනුගමනය කරමින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.
සැකකරුවන් හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අල්ලස් කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ අත්අඩංගුවට ගනු ලැබූ රජයේ ඉහළම නිලධාරියා මොහුය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලසකට පරිසර අධිකාරියේ ලොක්කා අත්අඩංගුවට
ජයරත්න Friday, 10 November 2023 08:15 PM
වැටත් නියරත් ගොයම් කානම්?
සමන්ත Friday, 10 November 2023 08:41 PM
හිඟා කෑවා නම් ඊට වඩා හොදයි යකූ...!
Perera Saturday, 11 November 2023 12:14 AM
ඔහොම ඇල්ලුවට අන්තිමට නඩුවෙදී සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස්...
නිමල් Saturday, 11 November 2023 05:40 AM
රනිල් ගෙනා අයෙක් කියා තමයි ඉංග්‍රීසි පුවත්පතක සඳහන්...