IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


අලුතින් දෙමළ පක්ෂයක් බිහිවන ලකුණු

දෙමළ දේශපාලන පක්ෂ 10ක් එකතුව ‘දෙමළ ජාතික පෙරමුණ‘ නමින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට සුළු දේශපාලන පක්ෂ නායකයෝ පිරිසක් සැරසෙති.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණේ නායක ප්‍රභා ගනේෂන්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු මෙම පක්ෂය පිහිටුවීමට මූලික වී සිටිති.

බම්බලපිටියේ හෝටලයකදී අද (4) මූලික සාකච්ඡාවක් පැවතියේය. 

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ශ්‍රී ටෙලෝ (දෙමළ ඊළාම් විමුක්ති පෙරමුණ), දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, ඊරෝස් (ඊළාම් විප්ලවාවාදී සමාජවාදී පක්ෂය), ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ජනතා පක්ෂය, විමුක්ති අරගල පක්ෂය, ජාතික හින්දු පූජක පක්ෂය, ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණවාදී සංගමය හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එම පක්ෂ වේ.



අදහස් (0)

අලුතින් දෙමළ පක්ෂයක් බිහිවන ලකුණු

සුමිත්‍රා බස්නායක Wednesday, 04 May 2016 07:51 AM

අපේ සිංහලයා ළග තියෙන්නේ ක්‍රෝධයක් එක්ක තියන සංහිදියාව.. .එකාට,එකා කා කොටා ගන්නවා මිසක් එකමුතු කමක් ගෑවිලාවත් නැහැ. පන්සලකට ගියත්,පාසලකට ගියත් කියන්නේ වපුරන්නේ වෛරය. කොහෙද ඉතින් සමගියක්. (බ)

:       0       0

රුචිර Wednesday, 04 May 2016 08:00 AM

තවදුරටත් ආගම් ජාති නම් යොදා දේශපාලන පක්ෂ ලියා පදිංචි කිරීමට විරෝධය පල කරමු. දැනට ජාති ආගම් භාවිතා කරන පක්ෂ වලට නම් වෙනස් කර ගැනීමට කාලයක් ලබා දී අලුත් නීතියක් සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වේවා ! (බ)

:       0       0

තුසිත Wednesday, 04 May 2016 08:15 AM

අපිටත් පුළුවන් .දැන් එකට කාලය හරි . (හේ)

:       0       0

සුසන්ත Wednesday, 04 May 2016 09:08 AM

අනේ අපිටත් අපි ගැන කතා කරන්න දේශපාලන පක්ෂ තිබුනානම් මේ වගේ! බලන්න කෙතරම් පක්ෂ තොගයක්ද, එක ජාතියක් ගැන පමණක් කතා කිරීමට. හැබැයි අපි ඔහොම එක පක්ෂයක් හැදුවොත් ඒකට කියන්නේ ජාතිවාදය! (බ)

:       0       0

හේමන්ත Wednesday, 04 May 2016 09:14 AM

සුමිත්‍රා බස්නායක යන පන්සල් ,ඉස්කෝල වල නම් ටික කියනවද. මොකද අපේ පළාත් වල තියෙන්නේ මිනිසුන් යහමගට යොමුකරන පාසල් විහාරස්ථාන. (බ)

:       0       0

දුමින්ද Wednesday, 04 May 2016 09:15 AM

සිංහල හෝ හෙළ හෝ සිහල නමින් පක්ෂයක් ගොඩ නගපු ගමන් කැනහිලු ටික ජාතිවාදය කියල හු කියන්න තියනවා , දැන් කාලය ඇවිල්ල ජන වර්ග නමින් ලංකාවේ පක්ෂ බිහි කරන එක නවත්තන්න , හෙළ උරුමත් එපා , මුස්ලිම් කොන්ග්‍රස් එකත් එපා , ඊළමත් එපා .. මොකද ඔය ජනවර්ග කැල්ලක් අැද ගත්ත ගමන් මිනිස්සු රවට්ටන්න පුළුවන්නේ (බ)

:       0       0

ගමගේ Wednesday, 04 May 2016 10:12 AM

රුචිර ගේ අදහස හරි වැදගත් (හේ)

:       0       0

රෝහිත Wednesday, 04 May 2016 10:29 AM

මෙහෙම ගියොත් ලංකාවේ ජනතාවට වඩා පක්ෂ වැඩිවෙයි.(හේ)

:       0       0

ගුණවර්ධන Wednesday, 04 May 2016 10:54 AM

ඇයි අපේ අයට බැරි මේ රටේ තවත් ප්‍රබල දේශපාලන පක්ෂයක් ඇති කර ගන්න.(හේ)

:       0       0

කරු Wednesday, 04 May 2016 01:37 PM

ඕනෙම කෙනෙකුට ඕනේ විදිහට පක්ෂ හදාගන්න පුළුවන් .. අපි ජීවත්වෙන්නේ සමාජවාදී රටක ... බලන්න .. උදය ගම්මන්පිල විමල් වීරවංස ..හැබැයි ..මේ පක්ෂ එයාලගේ සීමාව ඉක්ම යාම හෝ ශ්‍රී ලංකාවට පටහැනි දේශපාලන නීති රීති උල්ලංගනය නොකළ යුතුයි (බ)

:       0       0

රාධා Wednesday, 04 May 2016 03:07 PM

රටක සාමාන්‍යයෙන් තියෙන්නේ ප්‍රධාන පක්ෂ තුන හතරක් පමණයි මෙහෙ තියෙන්නේ ජන පදනමක් නොමැති එල්ලෙන පක්ෂ නේද? (බ)

:       0       0

පාඨලී Wednesday, 04 May 2016 06:32 AM

අැයි අපේ සිංහලයන්ට බැරි මෙහෙම දේවල් කරන්න (බ)

:       0       0

චන්ද්‍රා Wednesday, 04 May 2016 07:09 AM

කෝ මේ සංහිඳියාවට දෙමළ දේශපාලන පක්ෂ කැමති නැද්ද? (බ)

:       0       0

පීරිස් Wednesday, 04 May 2016 07:18 AM

දේසපාලන පක්ෂත් හරියට කැලේ මාරු කලාට පුල්ලි වෙනස් නොවෙන කොටියා වගේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site