විනීතා එම් ගමගේ
සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 28 ක බද්දක් අය කිරීමට රජය ගෙන ඇති තීරණය වහා හකුලා නොගතහොත් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්කරගෙන දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අන්තර් සමාගම් සේවත සංගමය කියයි.
සේවක අර්ථසාධක අරමුදලේ ආයමෙන් සියයට 14 ක් ආදායම් බදු ලෙස ලබා ගැනීමටත්, සාමාජිකයන් විසින් අරමුදලෙන් ප්‍රතිලාභ ලබාගැනීමේ දී රඳවාගැනීමේ බදු ලෙස තවත් සියයට 14 ක් අයකර ගැනටත් දැනට සැලසුම් කර ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
විසිවැනිදාට පෙර මෙම යෝජනාව ඉවත්කර නොගත හොත් විරෝධතා ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවද සමරසිංහ මහතා කීවේය. වැඩකරන ජනතාවගේ විරෝධතා නොතකා පනත සම්මත කළහොත් වැඩකරන ජනතාව සමඟ පැමිණ මුදල් අමාත්‍යංශය වටලන බව පැවැසූ සභාපතිවරයා මේ බව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයාට ද දන්වා යැවූ බව ද පැවැසීය.
COMMENTS
සියයට 28 නෙවෙයි.. හරිනම් සියයට 50ක් බදු ගහන්න ඕනේ.. නැතිනම් රාජපක්ෂවරු ගත්ත ණය ගෙවන්නේ කොහොමද?
මරුසිරාගේ පාලනයෙන් මිදෙන ඔබ... සුවර්ගය කරා යනවා ඇත...
බොරු කරන්න එපා.
සුළු බදු ප්‍රමාණයක් ගැනීම සාධාරණයි. එය සියයට 10 ක් නොඉක්මවිය යුතුයි.
මොනවා කරන්නද? බඩුත් ආණ්ඩුවේ... හොරුත් ආණ්ඩුවේ...
හොඳ වැඩේ මේ රටේ සමහරක් අයට නම්....
මහන්සිවෙලා වැඩකරන සේවකයාගේ විශ්‍රාමයෙන් පසු ලැබෙන අර්ථසාධකයට බදුගහන්නේ නැතුව, රජයෙන් කරන වැඩකට නැති උත්සව, අමාත්‍යාඅංශ කාර්යාල නවීකරණ මුදල්, කුලී, මන්ත්‍රීන්ට ගන්න රථවාහන හා වුවමනා නැති දේවල් අවම කළොත්, රජයට මුදල් හොයාගන්න පුළුවන්. අනේ අපේ මහන්සියෙන් හම්බකරගත් දේට බදු ගහන්න එපා.
ආණ්ඩුවේ රස්සා කරන අයට මේක දැනෙන්නේ නෑ. මේක වුණොත් පෞද්ගලික අංශයේ වැඩ කරන අපි කම්මුතුයි. ජනතාව ගැන හැමදාම හිතන ජවිපයට ආණ්ඩුවක් නුදුන්නත් අඩු තරමින් රටේ "විපක්ෂය" කරලා වත් ඔවුන්ට ලබන මැතිවරණෙදී කල ගුණ සලකමු.
චාන්ක් මහතාණෙනි, ඔබ කී දේ ගැන ඔබම ලැජ්ජා විය යුතුයි. ලොස් ඇන්ජලීස්වල සිට ලංකාවේ ප්‍රශ්න ගැන ලොකු ලොකු කමෙන්ට්ස් නොදා කිච නොවී සිටීම ඔබට වඩාත් උචිත වේ. ඔබ වැන්නවුන්ට මෙරට පොදු ජනතාවගේ හදගැස්ම කවදාකුදු නොදැණෙනු ඇත. නැවත මේ පින් බිමේ පය නොතබා සුද්දන්ටම කඹුරමින් ඔහේම සිටිනු මැනවි...
ඔය අැමැතිලට සහ නියෝජ්‍ය අැමැතිලට තමන්ගේ මන්ත්‍රි වරප්‍රසාදෙට දෙන තීරුබදු රහිත වාහනයට අමතරව දෙන ප්‍රාඩෝ වී 8 වැනි අධිබලැති ජීප් රථ වැනි සැප වාහන කපාහැර ඒ ගොල්ලන්ට මන්ත්‍රි වරප්‍රසාදයෙන් හම්බවුණු සැප වාහනෙන් යන්න කිව්වා නම් ඔහොම දුප්පතුන්ගේ පැන්ෂන් එකටත් බදු ගහන්න වෙන්නේ නැහැ...
ලංකාවේ මිනිස්සු ඔක්කොම කියන්නේ රාජපක්ෂලාගේ ණය ගෙවන්න කියලයි. යහපාලනය රජය පත් වීමෙන් පසු සියලු දෙනාගේම අත මිට සරු වුන නිසා මේ බදු ගෙවන්න අමාරු නැහැ.
හොඳයි බලමු මේ දෙසම්බරේ විතර රටපුර චන්දයක් පවත්වනවා කියනවනේ. ඔය වැඩේට බනින පිරිස මේ ගොල්ලන්ට චන්දෙ නොදී ඉඳියිද කියල? නැට්ට උස්සගෙන පෝලිමේ යයි කතිරේ ගහන්න.
දුප්පත් මිනිහගේ විශ්‍රාම වැටුපටත් බදු ගහන්න හදනකොට අධි සුඛෝපභෝගී සිලින්ඩර් අටේ ලෑන්ඩ් කෘෂර් ජීප් වල ජනතා මුදලින් ඉන්ධන පුරවාගෙන රට වටේ මගුල් ගෙවල් මල ගෙවල් වල ඇවිදින දේශපාලකයන්ට මනාපේ ගහන්නෙත් යන්තන් එදාවේල පිරිමහගන්න දිළින්දන් වීම කණගාටුවට කරුණකි, ජර්මනියේ සහ යුරෝපයේ ගොඩක් රටවල සමහර ඇමතිවරු පාර්ලිමේන්තු එන්නෙත් පොදු ප්‍රවාහන සේවා වලින්, සමහරු එන්නේ පාපැදි වලින් , එතකොට සාමාන්‍ය ජනතාවට තිබෙන අඩුපාඩුකම් ඔවුන්ට පෙනෙනවා , අපේ රට දියුනු කරන්නනම් පාර්ලිමේන්තු මන්ත්‍රීලට දෙන සීමාවක් නැති තීරුබදු සහන සහිත වාහන දීමනාව අහෝසි කල යුතුය
වසන්ත මහත්තයෝ, නිකන් බොරු හද හද කියන්නේ නැතිව ජනප්‍රිය වෙන්න ඕන නම් ඇත්ත කතාවක් කියලා බලන්න. ජනතාව හැමදාම ඔබලා කියන දේවල් විශ්වාශ කරන්නේ නැත.
දැනටම ETF එකට බදු ඇත. විශ්‍රාමිකයන්ගේ බැංකු පොලියටද බදු පනවා ඇත. කවුරුවත් ඒවා ගැන කතා නොකරන්නේ කුමක් නිසාද?
යහපාලන රජය රාජපක්ෂ කාලෙට වඩා දහගුණයක සංවර්ධනයක් මේ ටික කාලෙට කරා. මුළු ලෝකයම අද උදව් කරන්නේ දුෂණ වංචා මැරකම් නැති පිරිසිදු පාලනයක් තියෙන නිසයි.