IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇත.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

නියෝජ්‍ය ඇමතිවරයා ඉවත්කරනු ලැබ ඇත්තේ රජයේ ඇමතිවරයකු වශයෙන් අනුගමනය කළ යුතු සාමූහික වගකීම් කඩකිරීම සම්බන්ධයෙන් බවද දැනගන්නට ඇත. 



අදහස් (17)

අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉවතට

nilmini Tuesday, 12 September 2017 06:52 AM

නියමයි. දැන්වත් මොහුට එරෙහිව තිබුන චෝදනා විභාග කරන්න.

:       445       1022

banda Tuesday, 12 September 2017 06:54 AM

එතනෝල් ගෙන්නලා කසිප්පු වලට කලවන් කරලා හොර අරක්කු හදල කෝටි ගණන් සල්ලි හම්බ කල මිසක් මෙයාල ජනතාවට කරපු සේවයක් නැහැ..මෙයාල ඉන්න තිබුනේ ඇමති කම් වල නෙවෙයි...හිර ගෙවල් වලයි

:       315       1371

ravindra Tuesday, 12 September 2017 06:58 AM

වැරදිකර සියල් දෙනා යවන්න...ඔය සෙට් එක නිසා තමයි ආණ්ඩුව සවුතු වුණේ...

:       177       559

සිංගප්පුරුවේ ලීකුවන් u Tuesday, 12 September 2017 07:01 AM

විධායක ජනපති වැඩ අරඹයි . ඔහු කුඹුරේ සිටින පඹයෙක් නොවන බවත් නීති ගරුක පුද්ගලයකු වන බවත් මහජනතාව මෙයින් දැනගනු ඇත. මෙම තීන්දුව දුන් නඩුකාර තුමාට පළමු ආචාරය හිමිවේ. නිතිය දැඩි කර රට හදන්න .

:       131       374

Chandana - Australia Tuesday, 12 September 2017 07:02 AM

ඇති යන්න්තම්. ඔය ටික කර ගන්න තමයි උඩ පැන්නෙ. අපිනම් දැනගෙන හිටිය ලඟදීම ටිකට් එක හම්බ වෙනව කියල.

:       10       232

රනවි Tuesday, 12 September 2017 07:09 AM

ලොකු දෙයක් ....සල්ලි හම්බ කරන්න බලු වැඩ කලා මිසක්..සත පහක වැඩක් ඇති මිනිහෙක් නෙවෙයි..

:       29       363

ravin Tuesday, 12 September 2017 07:10 AM

විදුරු ගෙවල්වල ඉඳගෙන අනික් අයට ගල්ගහන්න එපා. කරපු ගොන් වැඩේ තේරෙයි ටික දවසක් යනකොට.

:       158       127

desapremiya Tuesday, 12 September 2017 07:23 AM

මේ තීරණ ගන්න තිබුන මීට ගොඩක් කලින්. එහෙම නෙත්නම් මේ වගේ හොර තක්කඩින්ට ඇමතිකන් නොදී ඉන්න තිබුන. මෙයාල නිසා මහින්ද ලොක්ක වගේ දගලනවා. තව ඉන්නවා මේවගේ ගෙදර යවන්න කට්ටිය.

:       0       7

Asanka Tuesday, 12 September 2017 07:26 AM

හොද තීරණයක්.

:       0       4

kumar medawatta Tuesday, 12 September 2017 07:29 AM

ජනාදිපතිතුමනි කොළද නිල්ද කියල බලන්නේ නැතුව කෙලින් තිරණ ගැනීම ගැන සතුටුයි.

:       1       3

de silva Tuesday, 12 September 2017 07:32 AM

එක් අයෙක්ට දෙන්නෙක්ට විරුධව චෝදනා එක දෙක විභාග කරන්න පටන් ගන්න කොට හැමෝම නිකන්ම නිහඩ වේවි. හැමදාම විනය පරීක්ෂණ කරනවා කියල කරන්නේ නැති එකේ ප්‍රතිඵල.

:       2       61

one srilankan Tuesday, 12 September 2017 07:50 AM

ජනපතිතුමනි, දරුවන්ගේ අනාගතය පාරට ඇද දමන අය පුලුවන්නම් ඉවත් කරන්න ......

:       3       150

perakum Tuesday, 12 September 2017 08:05 AM

කාටද ඔය ඇඟිල්ල දික්කරන්නේ? කාගේද වැරැද්දද? අපි අපේ පැත්තටම ඇඟිල්ල දික්කරගනිමු...!

:       0       35

vijith amarasinghe Tuesday, 12 September 2017 08:30 AM

බොහොම හොඳ වැඩක්. ගරු ජනාධිපති තුමනි ඔය වගේ හොරු තව ඉන්නවා නම් ඔවුන්ට දඬුවම් දෙන්න...

:       0       40

අපාය සහය Tuesday, 12 September 2017 08:36 AM

ක්‍රිස්තියානි කටයුතු කිරීමට යක්ෂයාගේ අපාය සහය දක්වන කෙනෙක් මෙතෙක් තබාගෙන හිටියේ ඇයි? කර්දිනල් තුමන්ලා දේශපාලනයට සම්බන්ද නැති නමුත් මෙවැනි අය ගැන ජනපති අගමැති ට කිව යුතුය. ප්‍රභාකරන් මරා යුද්දය ජය ගත් නමුත් එම ජයග්‍රහණයෙන් වැඩක් නැත.

:       14       0

Rohan Tuesday, 12 September 2017 08:43 AM

මෙයා ඒකාබද්දෙට කත් අදින්නේ නඩු ටික බේරගන්න. මොහු වරදවල් කිහිපයකට සම්බන්ධ අයෙක්. ජනාධිපතිතුමනි, නිසි දඩුවම් ලබා දෙන්න.

:       78       362

Padmini Wednesday, 13 September 2017 05:56 AM

එක්නැලිගොඩ ප්‍රංශයේදී දුටු බව කිවා. නඩුව අහන්න.රෙදි නැතිව කඩේ ගිය එතනෝල් බුලියක්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site