(යොහාන් බාසුර සහ ඉන්දිකා රාමනායක)
ගාලුමුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මේ වන විට විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තා කරුවෝ පවසති.
කොල්ලුපිටිය දෙසින් ඉතා විශාල පිරිසක් එම විරෝධාතවට එක් වීම සඳහා පැමිණෙමින් සිටින බව ද වාර්තා වෙයි.
භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයන් වෘත්තිය සමිති ක්‍රියාකාරීන් ඇතුළු පරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිති.
මේ අතර නිර්පාක්ෂික විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින් දිවයිනේ ප්‍රදේශ රැසක පිරිස් විරෝධතා දක්වති.
COMMENTS
මිත්‍රයා, කළු ජූලියේ අඳුරු සෙවණැලි හොල්මන් කරන මේ ගොම්මන් යාමයේ ශ්‍රී ලාංකීය අනාගත දරු පරපුර ගැන සිතා වගකීමෙන් කටයුතු කිරීමට මොහොත එළඹ ඇත..
ජනතාවට ජය වේවා... කාලකණ්ණි මිනීමරුවන් පන්නමු.
සාමකාමී උද්ඝෝෂණයට ජයවේවා ... !!! සාමකාමී ලෙස උද්ඝෝෂණය කළ මිනිසුන්ට පහරදුන් අයගෙන් සමහර දෙනා මගදී අල්ලාගෙන සාමාන්‍ය ජනයා දෙනුලබන දඬුවම් හරිම විනෝදජනකයි. සමහර පොහොට්ටු මැරයින් සිටි බස් අල්ලාගෙන, ඔවුන්ද ඇඳුම් ගලවා පහදී, වැවක බස්සවා සිටිනු අයුරු දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයේ සැරිසරනු පෙනේ. අරක්කු බෝතල් සහිත කැබ්රථද, පහරදීමට පැමිණි මැරයන්ද, කාන්තාවන්ද, දඬුවමට ලක්වී සිටිනු දැකිය හැකියි...
කොළඹ මල්ලිලා 80% ඔතැන ඉන්නේ...
ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී කිව්වානේ. එදිනෙදා අවශ්‍යතාවයන් පුරවාගෙන අඹුදරු අවශ්‍යතාවයන් සපුරාදිය නොහැකිව ඉන්නවට වඩා අරගල බිමේ මැරෙන එක සැපයි කියලා හිතලා වෙන්නැති.
බඩගෝස්තරවාදයේ යථාර්ථය...
කව්රු කලත් පුද්ගලයින්ට පහර දීම, පොදු දේපල විනාශ කිරීම හොඳ දෙයක් නොවේ.