IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අරගලයට සජබ පූර්ණ සහයෝගය

(නිමල කොඩිතුවක්කු)

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.

සාමකාමී අරගලකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු  පාර්ශවකරුවන් එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු  මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට විනාශ කළ මෙම අමනෝඥ පාලනය ගෙදර යැවීමට පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාට ආරාධනා කර සිටින බවත් මහ ලේකම්වරයා එහිදී කීවේය.

ජනතාව එළියට බහින්නේ රට බේරා ගැනීමට බැවින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නැයි සියලුම ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරන බවත් මහ ලේකම්වරයා එහිදී තවදුරටත් තවදුරටත් පැවසීය.



අදහස් (7)

අරගලයට සජබ පූර්ණ සහයෝගය

චන්දන Friday, 08 July 2022 03:03 PM

ඊළඟට බලය ගන්න ඉන්න පක්ෂය. මෙවැනි විරෝධතාවක් වත් සංවිධානය කරන්න බැහැ. වෙන අය කරන ඒවාට සහයෝගය දක්වනවා විතරයි. අනුරට ඊළඟට ආණ්ඩුව කරන්න ඉඩ දීලා ඒකටත් සහයෝගය දක්වන්න...

:       3       4

-හනුමා-Friday, 08 July 2022 04:43 PM

පෙළපාලි යන සියලු දෙනාම පාංශුකූලය දීලාම ගෙදරින් පිටවෙන්න...! කලු ජූලිය කෙසේ වෙතත් රතු-ලේ ජූලියක් වෙනවා නියතයි..!

:       3       2

chandana Friday, 08 July 2022 03:26 PM

මේ නන්දසේන 6 මාසයකට නැවත රට ස්ථාවර කරමු. දැන් මොකක්ද මේ හදිස්සිය.. දැන් ගෑස් සහ පෙට්‍රල්, ඩීසල් ප්ලෑන් වෙලා තියෙන්නේ.. ලබන සුමානේ... පොහොර ඇවිත් තියෙන්නේ... මේ හදන්නේ මේ ටික දීපු ගමන් පිළිවෙළක් වෙනවට බයේ යන වැඩක්... මස 6ක් ස්ථාවර කරලා, මාස 06කින් ඡන්දයක් තියන්න පුළුවන්..

:       3       9

Sunil Friday, 08 July 2022 03:52 PM

මෙවර නම් මේ රට විනාශ කළ අයට ගැලවීමක් නැහැ.

:       0       1

chandima Friday, 08 July 2022 05:55 PM

දැන්ම සම්මාදම් වුණොත් බෝඩ් එකේ නම ගහගන්න පුළුවනි...

:       1       4

Bamunuarachchi Friday, 08 July 2022 06:10 PM

3% නේ ජෙප්පන්ගේ පිහිටෙන් වත් අපි ගොඩ එන්න බලමු නේද ගොයියෝ.

:       0       0

amila Friday, 08 July 2022 08:06 PM

කට්ටිය ගිහින් සහයොගෙ දුන්නට කමක් නැහැ. එ මැද්දෙ ඉදන් ප්‍රචන්ඩ ක්‍රියා කරල වැඩේ අල කරල මාරුවෙන්න එහෙම එපා. එ වගෙම ලොක්ක එක්කල යන්න ඒපා ගල් පාරවල් වැදෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site