(සුජිත් හේවාජුලිගේ )

නිවාසවලට පහරදී  දේපළ  පැහැරගෙන යෑමේ සිද්ධීන් ගණනාවක්  දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

අරගලකරුවන් මුවාවෙන් පැමිණි යම් යම් කණ්ඩායම්  මෙම පැහැර ගෙන යෑම් සහ සොරකම්  සිදුකර ඇති බව  පොලිස් ආරංචි  මාර්ගවලින් පැවසේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා ඇත.

මේ අතර පසුගියදා කොළඹදී බස් රථ ඇතුළු වාහන බොහොමයක්  ගිනි තැබීමට පෙර  ඒවායේ තිබූ බැටරි ඇතුළු වටිනා භාණ්ඩ ගලවාගෙන ගොස් ඇත.

කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ ගිනි තබා විනාශ කර තිබූ බස්රථයකට නැගුණු   කිසියම් පිරිසක් එහි  යකඩ  කපන අයුරුද  දැකගත හැකිවිය.

මේ අතර රජයේ දේපළ සහ පෞද්ගලික දේපළ  කොල්ලකන්නන්ට  වෙඩි තැබීමට යුද හමුදාවට පසුගියදා බලය ලබා දුන්නේය.