අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි යනු අයි.එස්.අයි.එස් එසේත් නැතිනම් අයි.එස්.අයි.එල් ත්‍රස්ත සංවිධානයට නායකත්වය දුන් දෙවැනි නායකයාය.
තුර්කි දේශසීමාවේ සිරියාවට අයත් ඉඩ්ලිබ් පළාතේ නිවසක සැඟවී සිටියදී අල් කුරාෂියාල් කුරේෂි සොයා ගැනීමට බුද්ධි අංශ සමත් වූ බවත්, ඇමෙරිකන් හමුදාවේ විශේෂ බලඇණියක් එම නිවස වටලා පහර දී අල් කුරාෂියාල් කුරේෂි ඝාතනය කළ බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.
සිරියානු සිවිල් යුද්ධයේ දී සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව අවි ගත් එරට විපක්ෂ කැරැලිකරුවන් සහ විපක්ෂයට සහාය දක්වන උන්හිටැතැන් අහිමිවුණු සිරියානු සිවිල් වැසියන් රැඳී සිටින්නේ ඉඩ්ලිබ් පළාතේය.
අල් කුරාෂියාල් කුරේෂි, ඔහුගේ බිරියන් සහ දරුවන් ද එම සිවිල් වැසියන් අතරේ සැඟවී සිටි බව ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කර ගැනිමෙන් පසු වැටැළීම සිදුවුණු බව පැවැසෙයි.
ඇමෙරිකන් හමුදා වටළා කළ පහරදීමෙන් අල් කුරාෂියාල් කුරේෂිගේ බිරියන් සිවුදෙනාත්, දරුවන් සය දෙනාත් මියගිය බව ද පැවැසෙයි.
අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘවරයා මෙන්ම එහි පළමු නායකයා ද වූයේ අබු බකර් අල් බැග්ඩැඩිය.
2019 වසරේ අප්‍රේල් 21 පාස්කු දා මෙරට සිදුවුණු ම්ලේච්ඡ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ හිතවාදින් විසින් බාර ගනු ලැබූ අවස්ථාවේ, වසර ගණනක් සැඟවී සිටි අල් බැග්ඩෑඩි රහස් ස්ථානයක සිට වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ලොවට තර්නය කළේය.
එය ඔහුගේ අවසන් තර්ජනය වූ අතර ඇමෙරිකන් හමුදා අබු බකර් අල් බැග්ඩෑඩි සොයා ඝාතනය කළේ 2019 වසරේ ඔක්තෝබර් 27 වැනිදාය.
අල් බැග්ඩෑඩි ද සැඟවී සිටියේ සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නිවසකය. අල් බැග්ඩෑඩි ඝාතනය කිරීමේ මෙහෙයුම් සඳහා අණ දුන්නේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයි.එස්. නායකයා මරා දැමේ
පිටිගල මිලානෝ Friday, 04 February 2022 05:43 AM
හොද වෙලාවට මෙයා අවුරුදු දෙක තුනකට කලින් මැරුනේ නැත්තේ... එහෙම වුණා නම් පාස්කු බෝම්බේ කාගේ පිටින් යවන්නද...?
sunanda perera Friday, 04 February 2022 12:10 PM
කෝ එතකොට මානව හිමිකම්..?
anura Friday, 04 February 2022 05:36 PM
මෙහෙ ඔහොම දෙයක් කළා නම් මෙළහකට මානව හිමිකම් මණ්ඩලයේ පුටු සියල්ල රත් වී ගිනියම් වෙලා තියෙයි.