(අංජුල මහික වීරරත්න)
විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට සහය දැක්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික සංවිධාන වෙතින් ඇමරිකා ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙය ශ්‍රී ලංකාවට ඓතිහාසික සන්ධිස්ථානයක් බව රජය පවසයි.
මෙම මස මුලදී, ශ්‍රී ලංකාවට, පැරිස් සමාජය, ඉන්දියාව සහ චීනය ඇතුළු එහි නිල ණයහිමියන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුකූල මූල්‍ය සහතික කිරීම් ලැබුණ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධායක කමිටුව කැඳවා ණයක් සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීය.
පෙර නොවූ විරූ අභියෝගවලින් ආර්ථිකය මුදවා ගැනීමට සහ සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අවකාශය මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් 1 වන දින විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹිණි. ඇමරිකා ඩොලර් බිලියන 3ක මෙම වැඩසටහන මඟින් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කරමින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
සැප්තැම්බර් මාසයේ සිට, ශ්‍රී ලංකා රජය, රටේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ශ්වකරුවන් යාවත්කාලීන කිරීමට විනිවිදභාවයෙන් තොරතුරු බෙදා ගැනීමට මෙන්ම වාණිජ ණය හිමියන් සමඟ සම්බන්ධවීමට නිල ණයහිමියන්ගේ රැස්වීම් පවත්වා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුවේ අනුමැතියෙන් පසුව, මෙම වැඩසටහන යටතේ පළමු වාරිකය ලබාදීම ඉදිරි දිනවලදී සිදුකිරීමට බලාපොරොත්තු වනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. “ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය වසර 75ක කාලය තුළ රටේ ආර්ථිකයේ ඉදිරි ගමන පිළිබඳ මෙවන් තීරණාත්මක කාල පරිච්ඡේදයක් තිබී නැත. අපගේ නිල ණයහිමියන් පසුගිය මාස කිහිපය තුළ අඛණ්ඩ සහ ධනාත්මක ක්‍රියාකාරකම්වලින් පසුව ඔවුන්ගේ සහය ප්‍රකාශ කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙමු. ආරම්භයේ සිටම, මූල්‍ය ආයතන සහ අපගේ ණය හිමියන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අපි කැප වූයෙමු.
දූරදර්ශී මූල්‍ය කළමනාකරණය සහ සර්වශුභවාදී ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය තුළින් ආර්ථිකය දිගුකාලීනව යථා තත්ත්වයට පත් කිරීමට අප බලාපොරොත්තු වන මේ මොහොතේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට මගේ කෘතඥතාව පළ කරමි.
මා ජනාධිපති ධූරයේ වගකීම බාරගත් පසුගිය ජූලි මාසයේ සිට, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීම මගේ ප්‍රමුඛතාවය විය. ඒ සඳහා අපි දැඩි තීරණ කිහිපයක් ගත්තෙමු. නමුත් අපි එසේ කළේ අපගේ සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමට, අවදානමට ලක්විය හැකි පාර්ශව ආරක්ෂා කිරීමට, දූෂණය මුලිනුපුටා දැමීමට සහ සියල්ල ඇතුළත් ජාත්‍යන්තර වශයෙන් ආකර්ශනීය ආර්ථිකයක් වර්ධනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඇති කැපවීම නිසාය.
අපේ රට සඳහා මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉතා වැදගත් අතර, එම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහ ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට අපි කැපවී සිටිමු. අපි අපගේ සියලුම ණය හිමියන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වී සිටින අතර, අපගේ ඉදිරි කටයුතුවල සන්දර්භය තුළ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පෝෂණය කිරීමට අපගේ ද්විපාර්ශ්වික සහ වාණිජ ණයහිමියන් දිරිමත් කරන්නෙමු.
ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොල සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවරය සහ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන අත්‍යවශ්‍ය වනු ඇති අතර, ශ්‍රී ලංකාව නැවත වරක් ආයෝජකයින් සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බව පෙන්නුම් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ලැබුනා! ණය ලැබුනා! දැන් ඉතින් අපි තුන් වේලම ගිතෙල් කමු.
රට බේරාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ස්තූතියි
නොසන්සිඳෙන ආසාවන් සන්තර්පණය කරනු වස් හතර අතේ ණය වී හතරගාතෙන් වැටී සිටින ලංකාවේ මධ්‍යම පංතියේ ප්‍රධාන ඉල්ලීම ඔන්න ඉටු උනා. ගෝටා මහතාට යන්න උනෙත් ඊට අනුගත නොවූ නිසයි. දැන් ඉතිින් IMF පදේට නටනු ව්නා සුබසාධන අපේක්ෂා නොකරන්න.
ඕක කියන්නේ රනිලානේ සත පහකට ෂුවර් නැති බුවා .ඒකාලේ උදන්ම ඔය බොරුව තමයි කියන්නේ .හිතපන්කෝ ලන්ගමෙට බස් 10 ගේනවා කියල මුන් කියන්නේ බස් 1000 ලන්ගමෙට ලබාගැනීමේ පළමු අදියර යටතේ පළමු බස් තොගය කියල පටන්ගෙන අන්තිමට හීනියට කියන්නේ බස් 10 ගෙනාව කියල .ඕකත් ෂුවර් ඒවගේ එකක් තමයි
එල පාටියක් දාමු නේද අංකල්.
ඔය දෙන සල්ලි "අබ සරණ" කරන්න ලංකාවේ තක්කඩියන්ට වැඩි දවසක් ගත වෙන්නේ නැහැ. මෙවුන් ඕකත් හොරා කනවා. ඔය ණය ආපසු ගෙවන්න අපිට නම් සල්ලි නැහැ. පුළුවන් නම්, මේ රට ඔබලාගේ නමට ලියාගෙන අපිට වෙන රටක පුරවැසිභාවය ලබා දෙන්න කටයුතු කරන්න. අනුන්ගෙන් හිඟාකාලා ණය අරගෙන ලංකාවේ හිඟන ජනතාවට මුන් දැන් ලොකුකම් පෙන්වන්න ගනියි. හරියට මේ රට දියුණු කරලා ඩොලර් හම්බ කළා වගේ...
කාලයක් පෙරුම්පුරා, මහ ජනතාවට දහදුක් දෙමින්, ලබගත් ණය මෙ ඓMF ණය ප්‍රමනය, "සීනි් බෝල" කන්න වගේ වැඩකට නැති වියදම් වලට යොදා නොගෙන, රට නිවැරදි මාවතකට රැගෙනගොස්, දහදක් විදපු රටවැසිය වාසනාවන්ත අනාගතයක් කරා ගෙනයෑමට, පැහැදිලි දැක්මක් ඇති, මනා දුර දැක්මක් ඇති, ජනදිපති රනිල් වික්‍රමසිංහ මතිදුනට තෙරුන්වන් සරනිත් දෙවි පිහිටත් ලැබෙවා කියා පතමු.
ඩොලර් බිලියන 7ක් දක්වා? දුන්නේ බිලියන 3 යි නේද? කොහොමද 4ක් වැඩි උනේ?
ලැබූ ජය අපි සාමකාමීව සමරමු
අයි.එම්.එෆ් අරමුදලට කීදෙනෙක් කෙල හලා ගෙන ඉන්නවද දන්නේ නැහැ
මෙයට පෙර කාලවල කලාවගේ දැන් ඉතින් ඉක්මනින් නරිලා පලවාහැර සජිය හරි ලපයා හරි ගෙනල්ලා ඔය ටික යටිමඩි ගහමු උතුර දකුණ නන්නත්තාර කල්ලිය වුනොත් පහසුයි කියලා හිතෙනවා
දැන් ඉතින් ඔය වංචා දූෂණ අමතක කරල රට ගොඩ දාන්න බලමු විශේෂයෙන්ම කොමිස් ගැහිල්ලට සදහසටම තිත තියමු. පාර්මේන්තුවෙ කවුරු කවුරුත් තම තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ටික කලකට අමතක කරල රට හදාගන්න බලමු
හොරු සහ කම්බ හොරු දැන් හෙට අනිද්දා දිවුරුම් දීලා මේකටත් විදී
අපි රටේ ආර්ථිකය ගැන ලොකු බලාපොරොත්තු ඇතුව අත්හැරලා තිබුන තේ වතු නැවත සකස් කරන්නේ ඔබතුමා විස්වාස කරල. අපිට ඕනම පොහොර බෙහෙත් ටික තිබුනනම් ඇති. වෙන කිසිම නායකයකු ගැන විස්වාසයක් නෑ.
ණයට කෑමයි විකුණාගෙන කෑමයි ඇරෙන්න වෙන ආර්ථික උපාය මාර්ගයක් වැඩපිලිවෙලක් නැති මුග්ධ පාලක පැලැතිය. උන් ඒකට බොහොම කැමතියි මොකද ඒකෙන් උන්ට කිසිම අමාරුවක් මහන්සියක් නැතිව ගසා කන්න හොරා කන්න පුළුවන් කියලා උන් දන්නවා. මේ දුෂ්ඨ හොර නඩය රටට සාපයක්,මොවුන් පන්නා දමනතුරු රටට නිදහසක් නැහැ.
මෙහි සතුටු වීමට දෙයක් නෑ .අවුරුදු ගණනාවක් මේ රට හිඟා කන තත්වයකට පත් කලේ කවුද.හොර දේශපාලුවෝ සහ උන්ගේ හොර රාජ්‍ය සේවකයෝ ටිකයි.දැන්වත් මේ අමන වැඩ නවතවා රට වෙනුවෙන් හරියට වදක කරන්න හිතට ගත්තානම් ඒකයි නියම ජයග්රහණය
ඔන්න දැන් වැඩේ හරි. ඊළගට තියෙන්නෙ කොමිස් ගහන ක්‍රමවේදය සකස් කරීමයි.
රතිඤ්ඤා පත්තු කරල කිරිබත් නොකෑවොත් ඇත.
පළමුවෙන්ම මන්තිරි ඇමති ගොයියන්ට වාහන ගෙන්වයිද?
හම් කාක් කාක් ......
අපිට කෙසේ වෙතත් ආන්ඩුවෙ කට්ටියට නං දෙයියන්ගෙම පිහිටයි එහෙනං. මැතිඇමත්තො ජහමනයාට සේවෙ කරන්ට සල්ලි නැහැ කිය කිය නාහෙන් අන්ඩ අන්ඩානෙ හිටියෙ පහුගිය ටිකේ. දැන් ඉතින් හරි.
පුලුවන් තරම් හොරා කන්නත්, වැඩ වරන්නත්, රැළි උද්ගෝසන කරන්නත් , කුණු දේශපාලන පක්පෙෂ වලට බෙදී කුලල්කාගන්නත් පෙළ නොගැසී ණය ගෙවාගෙන රට ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කරගන්නවා කියන අදහසින් හැම රට වැසියෙක්ම තම තමන්ගෙ කාර්ය රට වෙනුවෙන් කරන්න සිත් ගන්නේ නම් කොතරම් අගනේද.
1977දක්ා රටෙ තිබුන දියුනුව, 1977 ට පස්සෙ බලයට ආව නායකයො රට පරිහානියට ගෙනාව තවමත් ලෝකෙට නය වෙනව. මෙව අනාගත දරු පරපුරට නේද ගෙවන්න වෙන්නෙ.
කන්දක් විලිලා මීපැටියෙක් වැදුවා වගෙයි.
එහෙනම් V8 ටික ඉක්මනට. ගනිං. අපිට නෙමෙ එයාලට හොදේ.
සතුටු වීමට කාරනවක් නෑ. මේ රට කාපු හොර දේශපාලකයොයි රජ්‍ය සේවකයො නිසා තමයි මෙහෙම උනෙ. දැන්වත් හොරා නොකා රටට වැඩක් කලානම් අයෙ IMF යන්න වෙන්නෙ නෑ.
මේ අපට දී තිබෙන්නේ ණයක්.එසේ නැතිව ආධාර නෙමෙයි.ඒ නිසා මේ මුදල් අනාගතයේදී ගෙවිය යුතුයි. ඒත්,පොහොට්ටු රජයේ හොරකමට වංචාවට කප් ගහපු අය තමයි ඉන්නේ. මේ ණය මුදල් ටික ගිලින්න කෙළ පෙරාගෙන කෑදර කමෙන් බලා ඉන්නවා ඇති ... ඒ නිසා රටේ ජනතාව ඒ ගැන හොඳ සිහි නුවණින් යුතුව සිටීම වැදගත්.
ලංකාව ,ලෝක හිඟන්නෙක් වී අවසානයි.කලින් ගත්ත ණය ගෙවන්නෙ නෑ.ගෙවන්න ප්ලෑන් එකක් නෑ,තව තවත් ණය වෙනවා.ණය ලැබෙනකොට පාටි දානවා.අල්තෙන් ගන්න ණයත්,දේශපාලකයො හොරා කාලා කාබාසීනියා කරාම ජනතාවට දෙයියන්ගෙම පිහිටයි.
යකෝ ණයක් ලැබුණහම මුන්ට තියෙන සතුට. මහ එවුන් ටික ලකුණු දාගෙන ජනතාව අන්දලා ඡන්දෙත් දිනයි. ණය ගෙවන්න ජනතාව දුක්විඳියි . හුරේ,.......
රට බංකොලොත් කරපු හොරු ටිකම අයි.එම්.එෆ් එකේ සියලුම කොන්දේසි වලට කැමති වී මෙච්චර කල් කළා වගේම නැවතත් ණයක් අරගෙන ලොකු ජයග්‍රහණයක් වගේ පෙන්නන්න හදනවා
රට අද මේ තත්වයට පත්කරපු කාලකන්නි ආණ්ඩුවමයි තාම තියෙන්නේ .තවත් ඇමතිලා පත්කරගෙන ඔය ණය ටිකටත් දෙයි වැඩක්
77 ලංකාවේ බක්කි කරත්ත තිබුනා .පාන් පෝලිම් තිබුනා ,මන්ද පෝෂණය සුපිරියටම තිබුනා .වෙන මොන මගුලක්වත් තිබුනේ නැහැ
මේ හම්බවෙන ඩොලර් මිලියන තුන විතරයි. ඒකත් හොරා කාලා නන්නත්තාර කලාම IMF ලැජ්ජාවට යන්නේ.
ආවා..ආවා... නව අවුරුදු ආවා... 225 ට
ඇවිල්ල ඇවිල්ලා IMF සල්ලි ඇවිල්ලා…! වරෙල්ල වරෙල්ලා කොමිස් ගන්න දුවල වරෙල්ලා…!!
ණය බරෙන් බේරෙන්න තව ණයක් අරගත්තා කියල සතුට සමරන්න රතිඤ්ඤ පත්තුකරන පුදුම රටක් ඕයි මේක.
හෙල්පින් හම්බන්තොට වගේ දේසපාලුවන්ගේ ගිණුම් වලටත් දාගන්ඩ බැරිකමක් නැහැ .ලන්කාවේ දුශිත දේසපාලුවෝ ගැන අමුතුවෙන් කියන්ඩ ඕනේ ද. නූපන් දරුවන් පවා දැනටමත් ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි .