
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කිරීමට ගත් තීරණයට ගරු කරමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පැවසීය.
2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මස්තාන් මහතා අයවැයට පක්ෂව ඊයේ ඡන්දය භාවිත කළේය.
කාදර් මස්තාන් මහතා මෙසේද පැවසීය
මේක ආණ්ඩුවේ පළමුවෙනි අයවැය. ජනතාව ඔවුන් බලයට පත් කළා. හොඳ දෙයක් රටට වෙන්න ඕන කියලා තමයි ජනතාව හිතන්නේ. ජනතාවගේ අදහස අනුව යමින් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ආණ්ඩුව ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කරාවිද කියලා ඉදිරියේදී බලාගමු. ජනතාව දීපු බලයට විරුද්ධව කටයුතු කිරීමට වඩා ජනතාව වෙනුවෙන් සහය දීම තමයි අපි කරන්න ඕන.
2025 නොවැම්බර් මස 17
59
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අයවැයට ඡන්දය දුන් හේතුව කාදර් කියයි
ජිල්බු Saturday, 22 March 2025 02:01 PM
චේතනාව ඒකනම් සද්භාවයයෙන් දුන් ඡන්දයක්. බේරාගන්න ඒවා තියෙන හින්දා නම් ඉතින් ... අනේ මන්දා ... උත්සාහ කරලා බලන්න...
Nihal Saturday, 22 March 2025 03:26 PM
හොඳ තීරණයක්..., ඒක තමයි විය යුත්තේ...!
රුවන් Saturday, 22 March 2025 07:03 PM
මට මතකයි ඉන්දියාවේ මෝදි ආණ්ඩුව ආපු අවුරුද්දේද කොහේද විපක්ෂ වුණාට රාහුල් ගාන්ධි පක්ෂව ඡන්දේ දුන්නා...
Suranga Sunday, 23 March 2025 05:21 AM
ඵල ඇති රුකේ වවුලොත් එල්ලෙති පේනූ කියලා අන්දරේගේ කවියකුත් තිබුණා... මේකත් එහෙම තමයි වවුලෝ රිලව් දඬුලේනා ගෙඩි නැති ගස්වලට යන්නේ නැහැනේ කාදර්...