IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අයවැය ගුණදොස්

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (එජාප) මෙවර අයවැයේ රජයේ ආදායම රුපියල් කෝටි 11000යි. වියදම රුපියල් කෝටි 220000. ඒ අනුව වියදම ආදායමට වඩා දෙගුණයකින් වැඩිවෙලා. මෙම වියදමින් සියයට 50ක් පියවීම සඳහා ණය ගැනීමට සිදුව තිබෙනවා. මේ විදියට මේ රට ආශ්චර්යය කරන්නේ කොහොමද කියල අප දන්නේ නැහැ. අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා අපේ ජනාධිපති ජාත්‍යන්තරය සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගෙන තිබෙනවා. මිත‍්‍ර රටවල් අපට සහාය දෙන්නේ ඒ නිසයි. රටක ආර්ථිකය ගමන් කරන්නේ කරුණු දෙකක් මතයි. එකක් දේශපාලන ස්ථාවරත්වය අනෙක නිදහස් සාමකාමී පරිසරය. මැද පෙරදිග දේශපාලන ස්ථාවරත්වයක් තිබෙනවද? නමුත් අපේ රටේ මේ කරුණු දෙකම තිබෙනවා. අපි ජනතාවට සහන දී තිබෙනවා. විපක්ෂයේ කවදාවත් අපි කරන හොඳ දකින්නේ නැහැ. කරු ජයසූරිය මහතා (එජාප) මා අයවැය ලේඛනය හෙළා දැකීමටවත් ඊට එක හෙළා විරුද්ධවීමටවත් බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙම දේශපාලන කුහකත්වයක් අපට නැහැ. නමුත් යුද්ධය අවසන්වී සාමය ඇතිකර ඇති නිසා මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් මේ අයවැයෙන් තමන්ට ලැබේවි යැයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ අයවැයෙන් වැඩෙන්න දෙන්නේ එක පැලැන්තියකට පමණක් නොවෙයි. සෑම දෙනාටම ඒ අවස්ථාවදී තිබෙනවා. ඒ පිළිබඳව විපක්ෂය සතුටු විය යුතුයි. මේ අයවැයට එරෙහිව විපක්ෂයට එල්ලෙන්න කිසිම දෙයක් නැහැ. උතුරු නැගෙනහිර ඇතුළු සෑම පළාතකටම එහි ජනතාවට මේ අයවැයෙන් සහනය සහ සංවර්ධනය දී තිබෙනවා. ඒ අනුව අප කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ. සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා (දෙජාස) දෙමළ විමුක්ති කොටි මර්ධනය කළ ආකාරයෙන්ම අයවැය ගැන විපක්ෂයේ මතය ඉදිරිපත් කිරීමට ඉඩ නොදීමට ආණ්ඩුව කටයුතු කරන බව පෙනෙනවා. වෙනත් කටයුතු කෙසේ වෙතත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඇතිවී තිබෙන හමුදාකරණය සඳහා නම් මේ අයවැයෙන් දිරිදී තිබෙනවා. සුළු ජාතීන් සඳහා ගෙන තිබෙන කි‍්‍රයා මාර්ග මොනවාද පාලම් හදනවා අරවා හදනවා මේවා හදනවා කියල සුළු ජාතීන්ගේ ප‍්‍රශ්නය යටපත් කරන්න හදන්න එපා.



අදහස් (0)

අයවැය ගුණදොස්

සජිත් Friday, 25 November 2011 03:59 AM

කරු මහත්තයා කියපු කතාව ඇත්ත තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2286 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site