
අධික අවුරුද්දක උපන් මවක මෙම 2024 අධික අවුරුද්දේ දියණියක බිහි කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ.
උතුරු කැරොලිනාවේ මහාචාර්යවරියක වන කයි සන් දියණිය, ක්ලෝවි ප්‍රසූත සිදු කළේ පසුගිය පෙබරවාරි 29 වැනිදාය.
විදෙස් සම්භවයක් ඇති කයි සන්, උතුරු කැරොලිනා ජනපදයේ, ඩියුක් හෙල්ත් වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියකි.
දියණිය ක්ලෝවි, උපන්නේ පෙබරවාරි 29 වැනි දින උදෑසන 5:12 ටය. දියණියගේ උපන් බර රාත්තල් 6 කි.
අධික අවුරුද්දක් යනු සාමාන්‍ය වසරකට වඩා වැඩි පුර එක් දිනයක් හෝ දින ගණනක් හෝ අඩංගුවන වර්ෂයකි. දින 366ක් සහිත එමෙන්ම පෙබරවාරි මාසයට දින 29ක් ඇති වසරකි.
(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd