වසරකට කලින් අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී අතුරුදන් වූ තුන් හැවිරිදි පිරිමි දරුවා දඹුල්ලේ යාචකයකු ළඟින් සොයාගත් බව පොලිසිය කියයි.
අකුරැස්සේ පදිංචි මිත්තනිය ළඟ සිටි දරුවා මිත්තණිය රවටා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. දරුවාත් මිත්තනියත් සිටි ඡායාරූපයකින් දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත්විය.
කෑගල්ලේ පදිංචිකරුවකු වන මෙම යාචකයා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය. දරුවා නැතිවූ තැන් සිට මිත්තනිය වන වඩිවේල් සිවපාක්‍යම් දරුවාත් ඇයත් සිටින ඡායාරූපයක් රටපුරාම පොලිසිවලට බෙදාදී ඇතැයිද දරුවාගේ මව එතෙර රැකියාවකට ගොස් ඇතැයිද කියයි.
යාචකයා හා දරුවා අතර ලොකු බැඳීමක් ඇති බවත් දරුවා යාචකයාට තාත්තා යැයි කියන බවත් යාචකයා පොලිස් කූඩුවට දැමූ පසු තමා සමග එන ලෙස යාචකයාට කථා කළ බවත් වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අම්බලන්ගොඩින් පැහැරගත් දරුවා වසරකට පසු දඹුල්ලෙන් සොයාගනී
සිසිර Wednesday, 22 October 2014 10:07 AM
පොලිසියට ආචාරය (නදී)
ගොඩගෙදර Wednesday, 22 October 2014 10:10 AM
පොලිසියට මල්මිටක් ! (නදී)
අජිත් අමාරවීර Wednesday, 22 October 2014 10:12 AM
පොලිසියේ 80% ඉන්නවා හොද දක්ෂ නිලධාරීන්.අගයන්න එවන් නිලධාරීන් .සම්මාන දීමක් කරන්න වසරකට වරක්. රටට තවත් වැඩක් වේවි .(හේ)
ඇන්ටන් Wednesday, 22 October 2014 10:19 AM
තමාව තනි කරලා ඈත රටකට ගිය අම්මාට වඩා ළඟ හිටිය හිගන මනුස්සයාට දරුවා ආදරේ ඇති.(හේ)
හැරිසන් Wednesday, 22 October 2014 11:39 PM
මොනවා වුණත් දරුවා ලැබුණ එක වාසනාවක් (නි)
සෙනරත් Wednesday, 22 October 2014 11:23 AM
අම්මට දරුවා නැති වෙලත්, ඒ ගැන සොයන්නවත් උවමනාවක් තිබිලා නෑ වගේ.(හේ)
ගාමන් Wednesday, 22 October 2014 12:25 PM
අජිත් කොහෙන්ද ඔය 80% ඉල්ලකම හොයා ගත්තේ (නදී)
සෙත්මී Wednesday, 22 October 2014 12:44 PM
මේ කාන්තාවට නැවත මේ දරුවාව බාර දෙන්න හොද නැහැ. අනේ පව් පුංචි දරුවන්ගේ සිත් වලට මේ තරම් වද දෙන එක. පොලිසියට අපේ උත්තමාචාරය. ළමයින්ගේ සිත් තලන පෙලන හිරිහැර කරන එවුන්ට මේ ආත්මයේදීම පල දෙන්න ඕනා (නදී)
රොෂාන් ප්‍රනාන්දු Wednesday, 22 October 2014 01:05 PM
මේ වීඩියෝ එකයි කතාවයි බලපුවහම පැහැදිලි වන්නේ රටේ තියන දුප්පත් කමයි මිනිසුන්ගේ නොදැනුවත් කමයි නිසා සිදුවෙන දේවල්. (නදී)
පර්ලි ඇනෙස්ටා Wednesday, 22 October 2014 01:23 PM
අපේ පොලිසියට ගොඩක් ස්තුතියි (නදී)
වගීස Wednesday, 22 October 2014 01:25 PM
පොලිසියේ මහත්වරුන්ට අපේ ප්‍රණාමය (නදී)
ගාමිණී -යටවර Wednesday, 22 October 2014 02:11 PM
ඔබ වගේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියට, රටට ආඩම්බරයක්. සමරකෝන් මහතාණනි ඔබට දළදා සමිදුගේ සරණයි!(හේ)
චමින්ද Wednesday, 22 October 2014 08:43 AM
ඒ ටික කාලෙට යාචකයා දරුවාගේ මොලේ හෝදලා ඇති.(හේ)
යහම්පත් Wednesday, 22 October 2014 09:01 AM
යාචකයා මෙම දරුවාව ඉතා හොඳින් ආදරයෙන් බලාගත් වග නම් පෙනවා . දරුවා ඔහුට තාත්තා කීමත් ඔහුට යන්නට කතා කිරීමෙනුත් , දෙමවුපියන් ගෙන් පහර ගැනීම වරදක් , අද කාලයේ බොහෝ යාචකයන් සාමාන්‍ය වැඩ කරන ජනතාවට වඩා සල්ලි යහමින් තිබෙන කොටසක් , දරුවා හිඟ කෑමට යොදා ගත්තාද නොදනී.(හේ)
ජීවන්ත Wednesday, 22 October 2014 09:19 AM
තවමත් ළමයින් හිඟන්නන් කරන්න, කරෝල වාඩි,ගෙවල්, වතු වල බැළ මෙහෙවරකම් කරන්න පැහැරගෙන යෑම රහසේම කෙරෙනවා වාගේ. (හේ)
රූපවති Wednesday, 22 October 2014 09:25 AM
පොලිසියේ මහත්මයාට ඒ කළ පින් ඇති මේ භවයේ.(හේ)