IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


අමතර කොටස් හිඟවීමෙන් ලංගමත් අවදානමේ

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංගම බස්රථ වලට අවශ්‍ය ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් හිඟවීම හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවය ඇණහිටීමේ අවදානමකට ලක්ව ඇතැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කරයි.

බස්රථ ධාවනය කිරීමට අත්‍යාවශ්‍ය ටයර්, බැටරි සහ අමතර කොටස් නොමැති වීමෙන් බස්රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ ධාවනයෙන් ඉවත්වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් වෙළෙඳ පොලේ අධික ලෙස මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංගමයට එම අධික මිල දරා ගැනීමට නොහැකි වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ප්‍රවාහන අමාත්‍යවරයා  ඇතුළු බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බවත් සේපාල ලියනගේ මහතා පැවසීය.

ඉන්ධන අර්බුදය උග්‍ර අතට පත්වී ඇති තත්ත්වයක් තුළ පොදු ජනතාවගේ සියලුම අවශ්‍යතා සඳහා ගමන්බිමන් යාමට ශ්‍රී ලංගමයේ බස්රථ භාවිතා කරන බැවින් අමතර කොටස් නොමැතිවීමෙන් මගී ප්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්ත්වයක් උද්ගත විය හැකි බවද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

අමතර කොටස් හිඟවීමෙන් ලංගමත් අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site