IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අමෘතය බඳු නෙල්ලි

උපදෙස් - බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ආයුර්වේද වෛද්‍ය  ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාගේ දේශනයක් ඇසුරෙනි.

 download-(4) 

අමෘර්තය හා සමාන ඖෂධිය ගුණයෙන් යුතු නෙල්ලී, ආයුර්වේදයේ පෙන්වා දෙන ආකාරයට  ලවණ (ලුණු) රස හැර අනෙකුත් සියලු රස එනම් මධුර, අම්ල, කටු තිත්ත, සහ කසාය යන පංච රසයම අඩංගුය.

ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් ආකාරයට ත්‍රිෙදා්ෂ සමනයටම (වා, පිත්, සෙම්) එක ලෙස ගුණදායක ඖෂධයකි.

පිත්ත රෝගඅඩු කිරිමේ විශේෂිත ගුණයක් නෙල්ලි අඩංගු බව කියති.

ශරිර උෂ්ණ ගතිය අවම කෙරේ. ශරිරයේ අභ්‍යන්තරවත්,බාහිරවත්, ඇතිවන දැවිල්ල තත්ත්වය සමනය කෙරේ.

ශරිරයේ නොයෙකුත් ස්ථානයන්හි ඇති වන කුෂ්ඨ ආදිය පාලනය කිරිමට නෙල්ලි භාවිතයෙන් ගුණය ලැබේ.

ක්ෂුද්‍ර ජිවි නාශක ගුණය ඉහළින්ම ඇති නෙල්ලි දිලිර, බැක්ටිරියා සහ වෛරස් ආසාදන නිසා වන රෝග පාලනයට  උපකාරි වේ.

රක්ත ශෝධක ගුණයකින් , රුධීර පෝෂණ ගුණයෙන් යුතු නෙල්ලි, රතු සෛල වැඩිකර, පටක වර්ධනය කිරිමටත්, අස්ථි ශක්තිමත් කිරිමටත්,ගුණදායක වන බව සොයා ගෙන තිබේ.

ඇස්  පෙනිම වර්ධනය කිරිම සඳහාත් , අක්ෂී රෝග පාලනයටත් නෙල්ලි ගුණදායකය.

ප්‍රති ඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති පලතුරක් වන නෙල්ලි තම්බා පානය කිරිමෙන් වයස යාමේදි ඇතිවන වැටිම් පාලනය කළ හැකි බව ආයුර්වේද පොතපතේ සඳහන් වේ.

ශරිරයේ වර්ධනය වන විකෘති සෛල පාලනය කිරිමේ හැකියාවක් ඇති නෙල්ලි පිළීකා රෝගින්ට ද වඩාත් ගුණදායකය.

ආයුර්වේදයේ පැරණිම ග්‍රන්ථ වන චරක සංහිතාවෙන් සඳහන් ආකාරයටම නෙල්ලි ශිත ගුණයෙන් යුතු ශරිර වර්ධනය වඩවයි.

නිරෝගි අයකු දිනපතා නෙල්ලි ආහාරයට ගැනිමෙන් ශරිරයේ සියලු ඉන්ද්‍රියන් යථා තත්ත්වයට පත්කර ගැනිමට හැකිවේ.

පර්යේක්ෂණය වලින් ඔප්පු වී ඇත්තේ ලෝකයේ විටමින් සී බහුලව ඇතැයි සිතනා දොඩම් වලට වඩා වැඩිපුර නෙල්ලි වල විටමින් සී  සියය විස්සක් පමණ අන්තර්ගත වන බවයි.

අක්මාවේ ඇති ඇලනින් ට්‍රාන්ස් ඇමයිනේස් හෝමෝනය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට ද නෙල්ලි උපකාරි වේ.

අක්මා සෛල යථා තත්ත්වයට පත් කිරිමේ ගුණයක් ද නෙල්ලි සතුය.

යෝනි දාහයට නේලි යුෂ සිනි සමඟ පානය කිරිමට සැලැස්විමෙන් ගුණය ලැබෙන අතර , වයසට යාමත් සමඟ වකුගඩු වල ඇතිවන දුර්වලතා මඟ හැරිමේ ගුණයක් ද නෙල්ලි සතුය.

දුම්පානය, මත්පැන්, පානය කිරිමත් අක්මාවේ ඇතිවන විෂබිජ පාලනය කිරිමේ හැකියවක්ද නෙල්ලි සතුය. අසාත්මිකතා වැළැක්විමේ ගුණයක් නෙල්ලි වල අඩංගු වේ.

ත්‍රිපලා නිෂ්පාදනය සඳහා භාවිතා කරන අරළු, බුළු,නෙල්ලි, අතර නෙල්ලි වලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි.

බුද්ධ වර්ධනයට උපකාරි වන ඖෂධයක් බැවින් නෙල්ලි කුඩා වැඩිහිටි ඕනෑම අයකුට එක ලෙස ගුණදායක වේ.

ශරිර  ශක්තිය වර්ධනය කිරිමේ ගුණයක් ඇති නෙල්ලි  ශරීරයේ නාඩි බලය ශක්තිමත් කිරිමට ද උඵකාරි වේ.

ආයුර්වේද ඕෂධ නිෂ්පාදනයේදි රසායන ගුණයෙන් ඉහළ ඖෂධයක් ලෙස සැලකෙන නෙල්ලි වයසට යෑම වළක්වන ඖෂධ නිෂ්පාදනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ද භාවිතා කෙරේ.

ඇපල් පලතුරට වඩා පුංචි නෙල්ලි ගෙඩියක ඇමැයිනෝ අම්ල වැඩි ප්‍රමාණයක් හා බී කාණ්ඩයේ බීටා කැරෝටීන් වැනි විටමින් වර්ග ද බහුලව අන්තර්ගත වන බව සොයා ගෙන තිබේ.

සැලකිලිමත් විය යුතුය.

රුධිර පට්ටිකා වැඩි විමට ඖෂධ භාවිතා කරන්නේ නම්, නෙල්ලි පාවිච්චි කිරිම සුදුසු නැත.

download-(3)

රුධීරය කැටි ගැසිම පාලනය කිරිමට  ඖෂධ භාවිතා කරන්නන්ද ,රුධීරයේ යකඩ වැඩිවන රෝග තත්ත්වයකින් ද නෙල්ලි භාවිතය නොසුදුසුය.

ක්ෂය රෝගයට භාවිතා කරන ඖෂධ ගන්නන් ද නෙල්ලි ගැනිම නොකළ යුතුය.

දියවැඩියා රෝගින්ට  ශරිරයේ සිනි අඩු කිරිමට  නෙල්ලි ගුණදායක වුවත්, දියවැඩියාව පාලනය ඖෂධ භාවිතා කරන්නන්ටත්, ඉන්සියුලින් භාවිතා කරන්නන්ටත්, නෙල්ලි ගැනිම සුදුසු නොවන බව පෙන්වා දී ඇත.

                                                          images-(5)

 

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (0)

අමෘතය බඳු නෙල්ලි

උදාර Monday, 19 October 2015 09:35 AM

නෙල්ලි හොඳම පළතුරක් බෙහෙතක් (බ)

:       0       3

ප්‍රදීප් බණ්ඩාර ඒකනායක Wednesday, 28 October 2015 03:14 PM

බර අඩු කරන එක්සයිස් පිළිබඳව තොරතුරු ඕනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 432 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 238 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site