IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


‘‘අබ්බා‘‘ පොලිස් වෙඩි පහරින් මරුට

සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ

දුලාන් සමීර සම්පත් නොහොත් ‘‘අබ්බා‘‘ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත්ව ඇතැයි එගොඩඋයන පොලිසිය පවසයි .

වෙඩි ප්‍රහාරයේ දී විශේෂ කාර්ය බලකා සෙබළකුද සුළු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

මියගොස් ඇති තැනැත්තා විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බව කියන ‘‘පානදුර සළිදු‘‘ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බවද පොලිසිය කියයි.

විශේෂ කාර්ය බළකාය එගොඩඋයන ,මෝදර, ජාතික නිවාස ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර , නිවසක කාමරයක් තුලදී රාත්‍රි 11 ට පමණ වෙඩිතැබීම සිදුව ඇතැයි පැවසේ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටී අබ්බා නැමැත්තා සහ සුළු තුවාල ලැබූ සෙබළා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , සුලු වේලාවකදී අබ්බා නැමැත්තා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වෙඩි ප්‍රහාරය එල්ලවූ කාමරය තුල විශාල ලේ ප්‍රමාණයක් ගලාගොස් තිබූ අයුරුද දැකගත හැකිවිය .

ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකල අතර , වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සහ සගවා ඇති බව කියන ආයුධ සොයා සෝදිසි මෙහෙයුමක් සිදුකරන බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය .

එගොඩඋයන , මෝදර ප්‍රදේශයේ සහ පානදුර මූලික රෝහලේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගෙන් සමන්විත විශේෂ පොලිස් ආරක්ෂාවක්‍ යොදා තිබේ.



අදහස් (7)

‘‘අබ්බා‘‘ පොලිස් වෙඩි පහරින් මරුට

Saman Friday, 11 February 2022 08:47 AM

දැන් ඉතින් මේකටත් සම හරක් උම්බෑ කියයි

:       3       15

ලුම්බිණි Friday, 11 February 2022 09:24 AM

හැමදාම වෙන්නේ එකම දේ. කුඩු කාරයා වෙඩි හුවමාරුවෙන් මැරෙනවා. විශේෂ කාර්ය බලකා සෙබලා සුළු තුවාල ලබනවා.

:       25       7

පැරකුම් Friday, 11 February 2022 11:46 AM

මරණ දඩුවම නැත්නම් විකල්පය කුමක්ද? ඔහොම යං…!

:       3       13

Sujeews Friday, 11 February 2022 12:59 PM

ඔහොම මැරුවා කියලා කුඩුජාවාරම නතරවෙලා තියෙනවද? ජාවාරම් කාරයෙක් මැරුණාම මෝඩ චූන් ගන්න එපා...

:       7       2

paali Friday, 11 February 2022 01:52 PM

සමාජයට ලොකු විෂබීජයක් වෙන්න තිබුණු කෙනෙක්.. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපන්න ඉඩ නොතියපු එක හොඳයි..!

:       1       4

Chinthaka Friday, 11 February 2022 02:53 PM

මේ අය මේ රටේ එක දරුවෙක් ඉතිරි කරන්නේ නැතිවෙයි, පාසල්වල දරුවන් හෙමිහිට මතට ඇබ්බැහි වෙමින් පවතිනවා. කොළඹ නගරයේ විතරක් නෙවෙයි, ඈත පිටිසර ගම්වල පාසල්වල පවා මතට ඇබ්බැහි වුණු මත් කුඩුවලට ඇබ්බැහි කරවන, විකුණන සිසුන්, සිසුවියන් පොකුරු විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. මේ ලොකු ව්‍යවසනයක පෙර නිමිති...

:       1       1

චන්දන Friday, 11 February 2022 04:26 PM

මේ වගේ අය අපායට යවනකොට සමහර අයට රිදෙන බව පේනවා. ඇමරිකාව විෂ එන්නත දීලා විනාඩි 15ක් විතර මැරෙන විදියටයි මරණ දඬුවම් දෙන්නේ... ඇයි අපිට බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site